Tuesday, April 9, 2013

ඇම්ඩන්ගෙ ගෑණි call එකක් ආවොත් ආයෙ ආත්මෙකට තියන්නෙ නැහැලු හරිද... ඉතින් ඇම්ඩන් කොච්චර කිව්වත් අහන්නෙත් නැහැලු.. ෆෝන් බිල හෙන ගානක් එනවලු මාසෙට.. නිවාඩු දවසේ ඇම්ඩන් පත්තරයක් බලබල ඉන්නකොට එකපාට්ට ෆෝන් එක රින්ග් වෙන්න ගත්තලු.... ඇම්ඩන් answer කරන්න කලින් ගෑණි call එක ගත්තලු..

අදත් දෙයියන්ගෙම පිහිටයි කියල හිත හදාගෙන පැය තුන හතරක් නිදහසේ පත්තරේ කියවන්න පුළුවන් කියල හිතාගෙන ඇම්ඩන් පත්තරේ කියවන්න ගත්තලු....

හාස්කමකින් වගේ එදා ඇම්ඩන්ගෙ ගෑණි පැය බාගෙකින් විතර ෆෝන් එක තිබ්බලු.

ඇස් අද්දා ගන්න බැරිවෙච්ච ඇම්ඩන් ..

"ඈ ඕයි මොකද අද ඉක්මනටම ෆෝන් එක තිබ්බෙ"

" ආහ් ඒක රෝන්ග් නම්බර් එකක් මෙයා" කියාගෙන කුස්සියට ගියාලු.

No comments:

Post a Comment