Wednesday, April 17, 2013
මේකර් - maker
ඔන්න එක්තරා ගමක හිටියලු ගමේ ඉඳල නගරෙට ගිහින් පොෂ් වෙලා ආයෙ ගමට ආව තරුණයෙක්. නගරෙ හිටිය යාලුවෙක්ගෙන් මේ තරුණයට හම්බුනාලු සෑහෙන්න තරම් වටින කියන උසස් වර්ගයකට අයිති බල්ලෙක්. ඒ තරම් වටින කියන බල්ලෙක් අහල ගම් 7ක වත් හිටියෙ නෑ ලු ඔන්න. බල්ලගෙ වර්ගෙත් උසස් නිසයි, මිලත් ටිකක් වැඩි හින්දයි, ගෙනාවෙත් ටවුන් එකෙන් නිසයි මේ තරුණයට බල්ලට හොඳ පොෂ් නමක් දාන්න ඕන වුණාලු. ඒක නිසා මිනිහා ඌට නම දැම්මලු "මේකර්" කියලා.
දවසක් මේ තරුණයා නාන්න හිතාගෙන ගමේ වැව ට ගියාලු එයාගෙ වටින කියන බල්ලත් එක්ක. ඒ යන අතරමග හම්බවෙන හැම මනුසුස්සයටම "මේකර්" ගෙ වරුණෙ කියන්නත් අමතක කලේ නෑ ලු. බල්ලත් බොහොම උජාරුවට තරුණයත් එක්ක ආවලු.
තරුණයා වැව ගාවට ම ගියාට පස්සෙලු මතක් වුණෙ නානකොට අඳින්න කළිසමක් ගෙනාවෙ නෑ කියලා. ආයෙ ගෙදරට යන්නත් කම්මැලි නිසා "මේකර්" ව ලඟ ගහක ගැටගහල හෙමීට වට පිට බලලා කව්රුත් පේන්න නැති වෙලාවෙ උපන් අඳුමෙන් ම පැන්නලු වතුරට. මිනිහා දැන් හිතේ හැටියට හොඳට නානවලු, එක පාරටම ඉවුරෙ ගහක ගැට ගහල හිටපු "මේකර්" ලණුව කඩාගෙන දුවන්න පටන් ගත්තලු.
මිනිහ පුළුවන් තරම් හයියෙන් බල්ලගෙ නම කියලා කතා කළත් බල්ල නැවතුනේ නෑ ලු. අනිත් පැත්තෙ නාන තොටින් ගියොත් ඉක්මනට බල්ලව අල්ලගන්න පුලුවන් වෙයි කියල හිතුව තරුණයා ඉක්මනට ඒ පැත්තට පීනලා එතනින් ගොඩට ආවලු.
"මල කෙළියයි! ඇඳුම් ටික එහා පැත්තෙ නෙ" කියලා පොරට මතක් වුනේ මේ පැත්තෙන් ගොඩට ආවට පස්සෙලු. ඇඳුම් ගේන්න ආයෙ එහාට ගියොත් බල්ලව අල්ලගන්න වෙන්නෙ නෑ කියලා හිතපු තරුණයා ලඟ තිබ්බ ගහකින් ලොකු කොළයක් කඩාගෙන අතනට තියාගෙන බල්ල ගිය පැත්තට හයියෙන් දුවල ගියාලු.
දුවන අතරමග පාරෙ හම්බෙන මිනිස්සුන්ගෙන් මිනිහා අහනවලු
" මේ මේ..මගෙ "මේක" කඩාගෙන දිව්වනෙ මේ පැත්තෙන්, ඔයාල මගෙ "මේක" දැක්කද? " කියලා.
විස්තරේ දන්න මිනිස්සු "ඔන්න ඔය පැත්තට ගියා" කියලා අත දික් කරලා පෙන්නුවලු.
නොදන්න මිනිස්සු තරුණයා දිහා බලලා මහ හයියෙන් බඩවල් අල්ලගෙන හිනාවෙන්න පටන්ගත්තලු.
තරුණය " මගෙ මේක දැක්කද? මගෙ මේක දැක්කද ? " කිය කිය පාරෙ බල්ල ගිය පැත්තට දුවනවලු. මුලු පාර පුරාම එකම විකාරයයි ලු දැන්. ඔහොම දුවනකොට අර ගහෙන් කඩාගත්ත කොළෙත් දැන් ඉරිලා ලු.
තරුණයා පාරෙ ආව පොඩි ලමයෙක්ගෙ අතේ තිබ්බ සෙල්ලම් ගල් ලෑල්ලක් අරන් කොළේ විසිකරලා අතනින් තියාගෙන ආයෙ බල්ලා හොය හොය දුවන්න පටන් ගත්තලු.
පාරෙ යන ගෑණු ළමයිගෙන් "මගෙ මේක දැක්කද?" කියල ඇහුවම එයාලා "චිහ්! මහා වනචර මිනිහෙක්" කියල බැන බැන ගියාලු. දැන් පැයක් විතර මේ තරුණය ඔය විදියට එක දිගට දුවනවලු,. ඒ අතරෙ අර ගල් ලෑල්ල එහෙ මෙහෙ වැදිල ඒකෙ මැද කොටස හැලිලා ලු, දැන් තියෙන්නෙ ප්ලාස්ටික් රාමුව විතරයි ලු. බල්ලව හොයන කොල්ලට ඒක ගැන සිහියක් නැහැ ලු. දැන් නම් මිනිහට හොඳටම මහන්ස්යි ලු, දුවන වේගෙත් සෑහෙන්න බාල වෙලා ලු.
හති දදා හෙමින් හෙමින් දුවන ගමන් තරුණයා දැක්කලු පාර දිගේ ඇවිදගෙන එන ආච්චි කෙනෙක්. තරුණය ආච්චි ලඟට දුවලා ගිහින් ඇහුවලු
"අනේ ආච්චියේ, ආච්චි මගෙ මේක දැක්කද? " කියලා.
ආච්චි තරුණයා දිහා උඩ ඉඳල පහලට ඩෙතුන් පාරක් මහ කෑදර විදියට බලල අර වයසක චොර වොයිස් එකකින් කිව්වලු
"අනේ කොලුවො, මම "මේක" නම් මගේ ජීවිතේ ඕන තරම් දැකල තියෙනව. ලොකු මෙව්වා, පොඩි මෙව්වා, කලු මෙව්වා, සුදු මෙව්වා හැම එකක්ම,. ඒ වුනාට අම්මපා මම මේ රාමු කරපු මේකක් නම් මේ දැක්කමයි ඕං හැබෑටම..!" කියලා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment