Wednesday, April 24, 2013

ආච්චි කෙනෙක් කොළඹ එන්ට කියලා හිතාන නුවරින් බස් එකකට නගින්න ආවලු. කොළඹ යන්නෙ මොන බස් එකද කියලා අහලා හෙම බස් එකට ගොඩවෙලා .. වාඩි වෙලා බලාන ඉන්නවලු.. ඉන්නවලු.. බස් එක යන පාටක් නෑ ලු..

ඔන්න ටික වෙලාවක් යද්දි.. ආච්චි දැක්කා.. පිටිපස්සේ තිබුණු බස් එකක් පිටත් වෙනවා..

කේන්ති ගිය ආච්චි..

ඇයි යකෝ මේ බස් එක යන්නෙ නැද්ද? අර පිටිපස්සෙ තිබුණු බස් එකත් ගියා.. කියමින් ගෝරනාඩු කරන්නට පටන් ගත්තාලු..

අසල සිටි මගියෙක් (සුරංග නොවේ) ඇයව අස්වසන්නට සිතා..

ඒ ගියෙ ආච්චියෙ ඉන්ටසිටියක්.. කියා කීවාලු..

එය ඇසූ ආච්චිට තවත් තද වී..

ඉතිං බලහංකො පුතේ.. ඉන්ට සිටි බස් එකත් ගියා.. මේ යන්ට සිටි බස් එක තාම ගියෙ නෑ නේ.. කියා කීවා ලු..

No comments:

Post a Comment