Thursday, April 11, 2013

ඔන්න ඉතින් ලෝකයේ හොඳම පොලිස් සේවාව තෝරන තරගයක් පැවැත්වුවා එක්තරා රටක...

මේකට ඉතින් ලෝකයේ නම ගිය ආරක්ෂක අංශ වගේම අපේ ලංකාවේ නිලධාරීන් පිරිසකුත් 

සහභාගී උනා... තෝරන ක්‍රමවේදය වෙලා තිබුනේ තෝරාගත් කැලයකට විශේෂ වර්ගයක හාවෙක්

මුදා හැරලා... ඊට පස්සේ පිළිවලින් එක් එක් රටේ පොලිස් නිලධාරීන් ට ඒ හාවා අල්ලාගෙන ඒමේ

භාරදූර ක්‍රියාවලියයි.... මුලින්ම අභියෝගය භාරගත්තේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය... පැය

ගණනක මෙහෙයුමකින් පසු හිස් අතින් කැලෙන් එලියට විත්... තරග සංවිධායක කමිටුවට " එවැනි

හාවෙක් කැලයේ ඇති බවට නිරීක්ෂණය නොවීය... එමනිසා හාවෙක් කැලයේ නැති බවට

නිගමනය කොට වාර්තාවක් අමුණා ඇත" කියල ෆයිල් එකක් බාර දීල ගියාලූ.. දෙවනියට චැලේන්ජ්

එක භාරගත්තේ ඇමරිකාව.. ඇමරිකන් කාරයොත් විනාඩි ගානක් ඇතුලත ගොඩබිමින් ගුවනින්

බෝම්බ වැස්සක් වස්සවලා එලියට ඇවිත්..." හාවාගෙන් තවදුරටත් තර්ජනයක් නොමැත...

පරීක්ෂණය අවසන්" කියල වාර්තාවක් බාර දුන්නලු.... අනේ ඉතින් අපේ රාලහමිලාටත් ඕං දීල

චාන්ස් එක... දෙන්නෙක් බැස්සලු කැලේට.... විනාඩි 5යි ලු ගියේ... වලහෙක් එනවලු කැලෙන්

එලියට විලාප දිදී..." අනේ බුදු රාලහාමි... ගහන්න එපා මමයි හාවා... මං තමයි ඒ හාවා.."

කියා කියා... ඌට පස්සෙන් අපේ රාළහාමිලා දෙන්නත් එනවලු....

No comments:

Post a Comment