Thursday, April 11, 2013

කූඹියාට දිය හැකි උපරිම දඩුවම -



කූඹියෙක් කෑවාම කාටත් තරහ යනවා.
ඊට පස්සෙ කවුරුත් කරන්නෙ ඌව චප්ප කරන එක.
එහෙම පව් වැඩ නොකර... කකුල කෑවට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් ක්‍රමයක් 
තියෙනවා.
කරන්න තියෙන්නෙ මෙච්චරයි....
කූඹියා කකුල කනකන් කොහොම හරි කාගෙන ඉන්න.
කාල ඉවර වෙලා ඌ බිමට බැහැල යනකොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ළගින් තියන්න.
එතකොට ඌ දෙපාරක් තුන්පාරක් ඒකට ඇනලා කෙලින් ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න.
අත් දැකීමෙන් කියන්නෙ... තත්. 10 ක් ඇතුළත 300 ක විතර සෙට් එකක් බහිනවා 300 ම
එන්නෙ එක ලයින් එකට.... ඉස්සරහින් ම එන්නෙ කකුල කාපු එකා. (මොක ද ඌ තමයි පාර දන්නෙ)....
එන ගමන් අනිනවා... ඌ අනිත් සෙට් එකට 1000 ටෝක්ස් දෙනවා කෑම ගැන...
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උන් ළං වෙනකම් ඉඳලා ... අර දාපු කෑම ටික ෂේප් එකේ අයින් කරන එක....
කට්ටියම ෆුල් හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ.
මාර ටෝක්ස් දීල... පට්ට දුරක් 300 ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා

එතැන් පටන් රැළේ චාටර් ම ඩයල් එක.
කව්රුත්ම ඌ කියන ඒව සත පහකට ගණන් ගන්නෙ නෑ....

පව් පිරෙන්නෙත් නෑ ..
අත් දුටුවයි ...
ප්‍රත්‍යක්ෂයි ...
දැන කරනු ....
වට නොදෙනු ... ...

No comments:

Post a Comment