Wednesday, April 17, 2013

දවසක් පොරක් සිරි නරඹමින් පාක් එකක ඈතට ඈතට යනවා . යනකොට තවත් පොරක් ගහක් බදාගෙන කනතියාගෙන ඉන්නවා බොහොම උනන්දුවෙන් . ඉතින් අපේ පොරටත් ඉන්න බැරිතැන අහනවා මොකද ඔය? කියල. "මම මේ ගහේ සංගීතය අහන ඉන්නවා ඔයාටත් අහන්න ඕනනම් ගහ බදාගෙන කන තියාගෙන ඉන්න කියල . ඉතින් අපේ මැනුත් පුදුමාකාර අසාවකින්ග් ගහ බදාගෙන කන තියාගත්ත විතරයි අනිත් මෑන් අපේ පොරගේ අත්දෙක ගහ වටේ තියල මාන්චුවක් දැම්ම . දාල ඔරලෝසුවයි සපත්තුදෙකයි කලිසමයි යට ඇඳුමයි ඔක්කොම ගලවාගෙන ටටා කියල ගියා .
පැයකට විතර පස්සේ එනවා තවත් පරිසර කාමියෙක් ඇවිත් අහනවා මොකද වුනේ කියල . අපේ මෑන් පොරගේ දුක් කතාව කිව්වා. අහන් ඉඳල ගහ බැදන් ඉන්න අපේ මෑන් ට ලංවෙලා පිට අතගගා කන්පෙත්ත ලාවට හපන ගමන් කොඳුරනවා "කතාව තව ඉවර නෑ චූටි " කියල

No comments:

Post a Comment