Friday, April 19, 2013

ඔන්න දවසක් පොඩි කොල්ලෙක් දුර ගමන් යන බස් එකකට නැන්ගලු අම්මයි තාත්තයි එක්ක ගමනක් යන්න.අම්මයි තාත්තයි පිටි පස්සේ සීට් එකකට ගිහින් ඉදගත්තත් පොඩි එකා අසාවට Driver ලග ජියර් බොක්ස් එක උඩ වාඩි උනාලු.අපිත් පොඩි කාලේ එහෙමනේ උබලටත් මතකයිනේ ඒ දවස්වල බස් එකේ එතන තමයි සුපිරිම තැන දැන්නම් ඉතින් අන්තිම සීට් එකනේ.හරි කොහොම හරි මෙහෙම ටික දුරක් යද්දී පොඩි එකා කියවන්න පටන් ගත්තලු.

"මගේ අම්මා කිරිල්ලියක් වෙලා තාත්තා කුරුල්ලෙක් උනානම් මම අද කුරුළු පැටියෙක්නේ."

"මගේ අම්මා ඇතින්නක් වෙලා තාත්තා අලියෙක් උනානම් මම අද අලි පැටියෙක්නේ."

"මගේ අම්මා සමනලියක් වෙලා තාත්තා සමනලයෙක් උනානම් මම අද සමනල පැටියෙක්නේ."

පොඩි එකා දැන් මෙහෙම මෙහෙම කියව කියව යනවලු.දැන් මේක Driver කාරයට මල වදයක්ලු.සිරා ඉතින් කාටත් එපා වෙනවනේ.ඊට පස්සේ Driver පොඩි එකාගෙන් මෙහෙම ඇහුවලු.

Driver="ඈ බන් පොඩි එකෝ....බැරි වෙලාවත් තොගෙ අම්මා වේසියක් වෙලා තොගෙ තාත්තා රස්තියදු කාරයෙක් උනානම් තෝ කව්ද?"

පොඩ්ඩක් වෙලා ඉදලා පොඩි එකා Driver කාරයට උත්තර දුන්නලු.

"එහෙනම් ඉතින් අන්කල් මම අද බස් Driver කෙනෙක් තමයි."

No comments:

Post a Comment