Wednesday, April 17, 2013

අපේ රටේ පුරුද්දක් තියනවනේ ජැකට් එක පස්සට ඇඳගෙන යන්න....එකේ වාසියක් තියනවා මොකද ගමන් කරන වේගය අනුව හුළං පාර ඇඟ අස්සට රිංගන්නේ නැහැනේ.......
ඔන්න එහෙම ජැකට් එකක් අනෙක් පැත්තට ඇඳගෙන ගිය අපේ යාලුවෙක් බයිසිකලේ පාරෙන් පැනල හොඳට මඩ තියන වලකට වැටුන. බයිසිකලේ එක්කම එරුණා ට එයාගේ සරිරයේ උඩ කොටස මඩෙන් උඩට තිබ්බ.......
ලංකාවේ අපි හරි අනුකම්පාව තියන අයනේ....සුළු දෙයක් උනත් ගමම වැට වෙනවනේ....ඔන්න මේක දැක්ක මුල්ම කෙනා අහල පහල වෙලක උන්න මෝඩ පහේ මිනිහෙක් . මිනිහා ආව ගමන්ම අර බයික් මලය අනේ මට අමාරුයි ගොඩට ගන්න කිව.....
අර මෝඩ මිනිහ දැක්ක බයික් මලය අමාරුවෙන් ඉන්නේ අයි කියල....මිනිහ වලට බැස්ස ගමන්ම කලේ, අනේ කොලුවෝ උඹේ ඔලුව කරකිලානේ එකනේ අමාරුව කියල ඔලුව හරි පැත්තට හරවන එක........
අනෙක් මිනිස්සු එද්දී වැඩේ කරලා ඉවරයි!!!!!

No comments:

Post a Comment