Tuesday, April 23, 2013

ලන්කාවෙ ඇමති කෙනෙක් ඇමරිකාවෙ ගියාලු එහෙ ඇමති කෙනෙක් හම්බ වෙන්න,හෆ්පා!ඇමරිකන් පොරගෙ ගේ දැක්කම පිස්සු හැදෙනවලු,අපේ බුවත් ඇස් දෙක ලොවි ගෙඩි දෙක වගේ එලියෙ දාගෙන සිරි නරබනවලු,එතකොටම ඇමරිකන් පොර පහලට ආවලු....

අපෙ ඇමති:මා...ර,ලස්සන ගෙයක්නෙ!

ඇමරිකන්:(කට කොනකි හිනාවෙලා) අර ඈත තියෙන පාලම පේනවද?

අපෙ ඇමති:ඔව්,ඔව් අර විසාල එකනෙ.......

ඇමරිකන්: සීයට දහයයි

අපේ බුවා කට ඇරන් අහන් ඉදලා ඌට ලන්කාවටත් ආරාධනා කරලා ආපහු ආවලු, කාලෙකට පස්සෙ ඇමරිකන් පොර ලන්කන් බුවාගෙ ගෙදර ගියාලු,ලන්කාවෙ පොරගෙ ගෙදර ඇමරිකන් එකාගෙ ගෙදරටත් වඩා ලස්සනයිලු,ඇමරිකන් කාරයා තුන්වෙනි ලෝකෙ රටක ඇමති කෙනෙක් වෙන්න බැරි වෙච්චි එක ගැන දුක් වෙවී ඉද්දි ලන්කාවෙ ඇමති ආවලු...

ඇමරිකන්:ෂා....,මේක මගෙ ගෙදරටත් වඩා ලස්සනයිනෙ

අපෙ ඇමති:(කට කොනකින් හිනාවෙලා)අර ඈත තියෙන පාලම පේනවද?

ඇමරිකන්:කෝ.. මට පේන්නෙ නෑනෙ

අපෙ ඇමති: සීයට සීයයි

3 comments:

  1. හරියට තේරුණේ නෑනේ....

    ReplyDelete
    Replies
    1. අපේ ඇමැති 100% ම ගහල කියන එකයි ඕකේ තේරුම​.

      Delete
    2. අපේ ඇමැති 100% ම ගහල කියන එකයි කියන්නේ.

      Delete