Tuesday, April 23, 2013


ඔන්න එකෝමත් එක කාලෙක දොස්තර මහත්තයෙක් උන්න....දොස්තර කීවට වෙදෙක්, දැන් දොස්තරල වෙද්දු නෙවේනේ....අයකැමි ලානේ....

ඔන්න ඒ වෙදා සමග උන්න බොහොම උනන්දුවෙන් ඉගෙන ගන්න ගෝලයෙක්....ඉස්සර මෙඩිකල් කොලේජ් තිබ්බ එකක්ය..ඉතින් ඔන්න ගෝලයාගේ පාඩම් ඉවර උනාට පස්සේ එයාව එක්ක යන්ව ලෙඩ්ඩු බැලීම උගන්වන්න......

දවසක් දෙන්න ගියාලු උදර අමාරුවක් හදුන ලෙඩක් බලන්න, ඔන්න ලෙඩට බෙහෙත් ලියල දීල හෙම වෙදා කිවලු මේ ලෙඩේ වරකා කෑම නිසා හැදුනේ ආයේ මාසයක් යනකල් වරකා හෙම කන්න එපා කියල.....ලෙඩාගේ මනුස්සයත් කිවලු එකනේ මෙකි මහා පෙරෙති වරකා වලට මම බලාගන්නම් කියල......

ඔන්න අර ගෝලය ගිය වෙලේ ඉඳල පොත් පෙරලනවලු පෙට්ටි පෙරලනවලු...බැරිම තැන වෙදා ඇහුවලු මොකෝ කියල.." අනේ වේද මහත්තයෝ වරකා කෑම ගැන හොයා ගත්ත හැටි කිසිම පොතක නැහැනේ " කියලා ගෝලයත් කිවලු........" ඇයි මෝඩයෝ ඕකට පොත් ඕනය මොලේ පාවිච්චි කරහන්කෝ අපි යද්දිත් ගනිගේ අඳ යට තිබ්බේ වරකේ කෑල්ලක් " කියල වෙදත් කිවලු...

ඔන්න දවසක් වෙදාට සනීප නැහැ..ගෝලයට යන්න උනා ලෙඩෙක් බලන්න...අලුතෙන් ඉගෙන ගත්ත දේ අත්හදා බලන්න හිතාගෙන ගිය ගෝලයාගේ වෙලාවට එදත් බඩේ අමාරුවක් .......

බඩේ අමාරුවට බෙහෙත් ලියල දුන්න ගෝල වෙදා එන ගමන් ගෙදර මිනිහට කියනවලු .....ආයේ මාසයක් යනකල් ගෑනිට පැදුරු කන්න දෙන්න එපා කියල.......

No comments:

Post a Comment