Wednesday, April 24, 2013

විශ්වයේ කෙළවර හොයන්න නාස එකෙන් මානවයෙක් දාපු යානාවක් යවන්න තීරණය කරාලු. හැබැයි මේ යානාවේ යන මනුස්සයට ආයෙත් මේ ලෝකෙට එන්න වෙන්නෙ නෑලු. ඉතින් මේ යානාවේ යවන්න කෙනෙක් හොයන්න ඉන්ටවිව් එකක් තිව්වලු.
මේකට ඉදිරිපත් වෙලා හිටියෙ 03 යි ලු. එකෙක් රුසියාවේ හිටපු හමුදා නිලාධාරියෙක්ලු, අනෙකා ඇමරිකාවේ දොස්තර කෙනෙක්. තුන්වෙනියා ලංකාවෙන් ගිය ඇම්ඩන්ලු.
දැන් මේ ව්‍යාපෘතිය භාර ලෝක්කා මේ තුන්දෙනාව වෙන වෙනම ඉන්ටවිව් කරන්න පටන් ගත්තලු. මුලින්ම ගියේ රුසියන්කාරයාලු.
ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
රුසියන්කාරයා : මට ඩොලර් මිලියන 01 ඕන.
ලොක්කා : හොදයි. ඔබ එම සල්ලිවලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් ද ?
රුසියන්කාරයා : මම ඒ සල්ලිවලින් රුසියාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ජීවන තත්වය නන්වන්න සුබ සාධක වැඩසටහනක් පටන් ගන්න ආධාර කරනවා.
ඊළගට ගියේ ඇමරිකන් කාරයාලු.
ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
ඇමරිකන්කාරයා : මට ඩොලර් මිලියන 02 ක් ඕන.
ලොක්කා : මිලියන 02. හොදයි, ඔබ ඒ මුදලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් ද ?
ඇමරිකන්කාරයා : මම ඒ සල්ලිවලින් ඇමරිකාවේ දුප්පතුන්ගේ සෞඛ්‍ය තත්වය නන්වන්න ව්‍යෘපෘතියකට ආධාර කරනවා.
අන්තිමට ලංකාවෙන් ගිය ඇම්ඩන් ඉන්ටර්විව් එකට ගියාලු.
ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන. (පුරුදු ප්‍රශ්නයම අයිමත් ඇහැවලු)
ඇම්ඩන් : මට ඩොලර් මිලියන 03 ක් ඕන.
(මේක අහපු ලොක්කට ටිකක් මඤඥයන් වගේ ලු)
ලොක්කා : දැන් බලන්න මිස්ටර් ඇම්ඩන්, රුසියන් හමුදා නිලධාරියා ඉල්ලුවේ මිලියන 01, ඇමරිකාවේ දොස්තර ඉල්ලුවේ මිලයන 02. ඔයා මිලියන 03 ක් ඉල්ලනාව. කමක් නෑ. මට කියන්න ඔබ මේ මුදල්වලට කරන්නේ මොකක් ද කියලා.
ඇම්ඩා : 01 මිලියනයක් මම ඔයාට දෙනවා.
(ඒක අහපු ලොක්කට දැන් හොදටම මඤඥයන් ලු)
ලොක්කා : මේ මට
ඇම්ඩා : ඔව් ඔව්. 01 මිලියනයක් ඔයාට, තවත් මිලියන 01 ක් මට.
ලොක්කා : හොදයි හොදයි. එතකොට ඉතිරි මිලියන 01 ?
ඇම්ඩා : ආ ඒකද. ඒක අර රුසියන්කාරයාට දීලා මෑන්ව යවමු.

1 comment: