Wednesday, April 24, 2013

ඔන්න පිස්සන් කොටුවෙ දොස්තර එක දවසක්
එහේ පිස්සො තුන් දෙනෙක් ගෙනල්ලා ඇහුවලු "3වරක්
3 කීයද කියලා."

1 වන පිස්සා කීවලු "එක් ලක්ෂ විසිපන්දාහයි" කියලා.

ඌට තාම පිස්සු නිසා ඌව යැව්වලු වෙන වාට්ටුවකට.
ඊට පස්සෙ 2වන පිස්සගෙන් ඇහුවලු උත්තරය කීයද
කියලා. ඒ පිස්සා කීවලු අඟහරුවාදා කියලා.
දැන් ඌටත් පිස්සු නිසා ඌවත් යැව්වලු අර වාට්ටුවටම.

ඊට පස්සෙ අර 3 වෙනි පිස්සගෙන් ඇහුවලු ඒ
ප්රශ්නෙම. මූ කිව්වලු 9යි කියලා.

දැන් දොස්තරට පට්ට හැපිලු. ඉතින් මුගේ පිස්සු දැන්
හොඳ වෙලා කියලා මූව ගෙදර යවන්න හැදුවලු.
මූ දැන් ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්නකොට
දොස්තර නිකමට වගේ ඇහුවලු

"ඇත්තටම
ඔයා කොහොමද උත්තරේ ගත්තෙ" කියලා..

මූ ගත් කටටම

"අයියෝ දොස්තර මහත්තයො ඕකත් මහ වැඩක්ද
මම උත්තරේ ගත්තෙ එක්ලක්ෂ විසිපන්දාහ
අඟහරුවාදාවෙන් බෙදලනෙ " කීවලු....

No comments:

Post a Comment