Wednesday, April 17, 2013

අරක්කු සහ පණු අමාරුව


දිනක් එක්තරා ගමක බේබද්දන් සඳහා වූ සම්මන්ත්‍රණයකට ප්‍රසිද්ද දොස්තර මහතෙක්ට ආරාධනා කෙරින.

ගමේ සියලුම දෙනා එක්රැස්වූ පසු දොස්තර මහතා කුඩා පර්යේෂණයකින් තම කතාව ආරම්භ කිරීමට සිතීය.
පර්යේෂණය වූයේ වීදුරු දෙකකට පණුවන් දෙදෙනෙකු දමා ඉන්පසු වීදුරු දෙකෙන් එකකට ජලයද අනෙක් වීදුරුවට අරක්කුද දැමීමය.

විනාඩි දහයකට පසු බැලූ විට අරක්කු දැමූ වීදුරුවේ පණුව මියගොස් සිටි අතර ජලය දැ‍මූ වීදුරුවේ පණුව ජීවත්ව සිටියේය.මෙම පර්යේෂණය පෙන්වා අවසානයේ දොස්තර මහතා පැමිණ සිටි අයගෙන් මෙසේ ඇසුවේය,

"හරි දන කියන්න බලන්න මේ පර්යේෂණයෙන් ඔයගොල්ලන්ට මොනවද තේරුනේ?"

ඒ වන විටත් දෙකක් දාගෙන පැමිණ සිටි සිරිපාල මෙසේ කීවේය,

"සර් අරක්කු පණු අමාරුවට හොඳයි නේ?"

No comments:

Post a Comment