Tuesday, April 23, 2013


ඔන්න එක කමක් තියනවා ටිකක් දුෂ්කර. කහ කොළ එහෙම හොඳට තියන. ඔය ගමේ කැලෑවේ ඉන්නවා පරචිත්ත විජානනය එහෙමත් නැත්නම් අනුන්ගේ සිත් කියවීමේ හැකියාව තියන බලගතු හාමුදුරු කෙනෙක්.ගමේ කොයි කවුරුත් ඒ හාමුදුරුවන්ට හරි ගෞරවයෙන් තමයි සැලකුවේ. ඒත් ඔය ගමේම හිටියා අවුරුදු 20 ක විතර කොල්ලෙක් ඕවා විශ්වාස නොකරපු. ඒත් මිනිහාටත් ඕනකම තිබුණා හාමුදුරුවන්ව පරීක්ෂා කරලා මේකෙ ඇත්ත නැත්ත දැනගන්න. ඒත් හාමුදුරුවෝ නිතරම ගමට නොඑන නිසා මේ කොල්ලාත් වෙලාව එනකම් බලන් හිටියා..

දවසක් මේ කොලුවා ගියා ගඟට නාන්න. වටේ පිටේ කවුරුත් නැති නිසා මූ ඔක්කොම ඇඳුම් ටික ගලවලා වතුරට බැහැලා දැන් ගඟේ නානවා. අම්මට හුඩු මෙන්න අර කියපු හාමුදුරුවෝ පාලම උඩින් වඩිනවා. දැන් මොකද කරන්නේ? බලන් හිටපු අවස්ථාව මඟ ඇර ගන්නත් බෑ. මුගේ ඇගේ ඇඳුමක්වත් නෑ.. ඇඳුමක් දාගන්න වෙලාවකුත් නෑ. කල්පනා කරපු කොල්ලා වටපිට බලලා වතුර යට රැඳිලා තිබුණු පරණ බේසම් කබලක් අරන් පොට් එකට තියාගෙන වතුරෙන් නැගිට්ටා. මොකද වතුරේ ඉඳගෙන හාමුදුරුනමක් එක්ක කතාකරන එක හරි නෑනේ..

කොල්ලා- අවසරයි හාමුදුරුවනේ.. ඔබ වහන්සේට අනුන්ගේ හිත් කියවන්න පුළුවන් කියන්නේ ඇත්තද?

හාමුදුරුවෝ- ඔව්. මට පුළුවන්

කොල්ලො- හා එහෙනම් කියන්න බලන්න හාමුදුරුවනේ.. මම දැන් මොකද්ද හිතන්නෙ කියලා

හාමුදුරුවෝ - ඔහේ දැන් හිතන් ඉන්නෙ ඔය බේසමේ අඩිය තියනවා කියලානේ !

No comments:

Post a Comment