Saturday, April 20, 2013

ඔන්න බැඳපු ජෝඩුවක් නිවාඩුවකට කොහේදෝ ගිහින් ඉද්දි කම්මැලිකම යන්න කියල බෝලෙකුත් අරං ක්‍රිකට් ගහන්න ගත්තලු දෙන්න එක්ක. සෙල්ලං කර කර ඉද්දි බොලේ විසි උනාලු ළඟ තිබ්බ තට්ටු දෙකේ පාලු පාටක් තියෙන ගේක උඩ තට්ටුවට. ඉතින් දෙන්න එක්ක ගියාලු බෝලේ හොයන්න. උඩට ගිහින් බලද්දී කළුම කළු මනුස්සයෙක් හිටගෙන ඉන්නවලු මුන් දෙන්න දිහා බලාගෙන. ජනේලෙන් ආපු බොලේ වැදිලා කුඩු වෙච්ච විදුරු බෝතලේකුත් තිබ්බලු පැත්තකින්. ඉතින් මුන් දෙන්න සොරි කියන්නත් කලින් කළු ඩයල් එක කතා කරන්න ගත්තලු.

මම මේ බෝතලේ ඇතුලේ අවුරුදු 1000 ක් හිරවෙලා හිටිය බලගතු භූතයෙක්. ඔයාල දෙන්න නිසා තමයි මං නිදහස් උනේ. ඒ නිසා මම තීරණය කරා ඔය දෙන්නට කැමති වරයක් දෙන්න. හැබැයි මේක අස්සේ අවුරුදු ගානක් හිරවෙලා ඉඳල මටත් කම්මැලියි. ඒ නිසා වරයට ගාස්තුව විදියට ගෑනිත් එක්ක අහවල් කාරිය කරන්න ඕනි. කැමති නම් ඉල්ලන්න. කියල කිව්වලු.

ඉතින් දෙන්න බූතයට පොඩ්ඩක් ඉන්න අපි සාකච්චා කරලා කියන්නම් කියල පහලට ගිහින් බැලුවලු. වැඩේ පාඩුත් නෑනේ. සල්ලි අතින් එහෙම කරදරත් සෑහෙන තිබ්බ නිසා මිනිහ කිව්වලු ගෑනිට. එයා එච්චර කාලයක් ඉඳල ඇවිත් අපිට උදව් කරන එකේ අපිත් බෑ කියන්න හොඳ නෑ නේ. ඔන්න ඔහේ ඌ ඉල්ලන දේවල් දීල හොඳ වාරයක් ඉල්ලගමු කියල.

බූතය කළු උනත් හොඳට ඇඟ පත තියෙන්න හැන්ඩ්සම් පොරක් හින්දා ගෑනිත් පැනපුගමන් හා කියන්නේ නැතුව ඔයා ඔච්චර බල කරනවා නම් මම කැමති වෙන්නම්කො කියල කිව්වලු.

ඔන්න දෙන්න එක්ක ගිහිං ඉල්ලුවලු වරය. කවදාවත් සල්ලි ඉවර වෙන්නේ නැති සල්ලි පෙට්ටියක් දෙන්න කියල. බූතයත් ටික වෙලාවක් කල්පනා කරලා බලල ඔන්න මොකද්දෝ මන්තර වගයක් කියෙව්වලු. ඊට පස්සේ කිව්වලු ඔන්න කිව්ව විදියට සල්ලි පෙට්ටියක් නිදාගන්න ඇඳ උඩ ඇති කියල. බුතයට නොසෑහෙන්න ඉස්තුති කරපු මනුස්සයා මේකට කලගුණ සලකන එක උඹට බාරයි කියල ගෙදර දිව්වලු සල්ලි ගන්න.

ඉතිං බූතයා හොඳට වැඩ දාලා කාරිය එහෙම කරලා ඇලවෙලා ඉන්න ගමන් ගෑනිගෙන් අහනවලු ඔයාගේ වයස කියාද කියල. 30 ක් වෙනවා වයස.
ඊට පස්සේ බූතයා හිනාවෙලා කිව්වලු

වයස 30 ක් වෙලා තාම ඔයගොල්ලෝ බූත කතා විශ්වාස කරනවනේ හැබෑට

No comments:

Post a Comment