Wednesday, April 24, 2013

@ඔන්න සැමියා රස්සාවට යන්න ලෑස්ති වෙලා.. බිරිඳ ඉන්නෙ කුස්සියෙ

සැමියා : මේ.. මම යනවා... පරක්කු වෙනවා..
බිරිඳ : මේ.. යන්න ඉස්සෙල්ල ටිකක් ඇවිල්ල යන්නකෝ..

මොන කරදරයක්ද මන්දැයි සිතමින් සැමියා එනවා කුස්සියට..බිරිඳ ඉන්නෙ ටැප් එක ලඟ..

සැමියා : ඇයි??
බිරිඳ : මෙන්න මේ සින්ක් එකේ ටැප් එක හදල දෙන්නකෝ..කී දවසක් කිව්වද....
සැමියා : හරි හරි.. හදල දෙන්නම් ඉතිං..දැන් හදන්න මිනිස්සු මගෙ අතේ ඉන්නවැයි..?
බිරිඳ : දැන් බලන්න වොෂින් මැෂින් එක? ඒක කැඩිල කොච්චර කල්ද?
සැමියා : හරි හරි... මම කාවහරි හොයාගෙන ඇවිල්ල ඉතිං හදල දෙන්නම්..ඔව හදන මිනිස්සු මගේ අතේ ඉන්නවැයි..??
බිරිඳ : අර ෆ්‍රිජ් එක වැඩ කරන්නෙත් නැහැ හරියට ඒකෙත් ප්‍රශ්ණයක්...හදල දෙන්නකො කාටහරි කියලා....
සැමියා : හරි ඉතිං ෆ්‍රිජ් හදන මිනිස්සු මගෙ අතේ ඉන්නවැයි..? ගෙනල්ල හදල දෙන්නම් කාවහරි..

කියා සැමියා කේන්තියෙන් නිවසින් පිටව යයි..හවස වැඩ නිම වී නිවසට එන සැමියා දකින්නෙ කැඩී තිබූ ටැප් එක සාදා ඇති බවය.

සැමියා : උදේ වැඩ කරපු නැති එක දැන් අගේට වැඩ කරන්නෙ....
බිරිඳ : ආ..මන් හදාගත්ත...ටැප් එක විතරක් නෙමේ..වොෂින් මැෂින් එක, ෆ්‍රිජ් එක තුනම හදාගත්තා..
සැමියා : කාට කියලද හදාගත්තෙ..?
බිරිඳ : එහා ගෙදර අයියට කියල..
සැමියා : ඉතිං ඔයා ඒ මනුස්සයට කීයක්වත් දුන්නෙ නැද්ද?
බිරිඳ : මං ඇහුව..එයාට සල්ලි එපා කිව්ව..දෙනවනම් කේක් එකක් හරි, කිස් එකක් හරි දෙන්න කිව්ව..
සැමියා : ඉතිං??
බිරිඳ : ඉතිං..? කේක් හදන මිනිස්සු මගෙ අතේ ඉන්නවැයි..??

වෙච්ච දේ වැටහුණු සැමියාට කරකියාගැනීමට දෙයක් නැති විය...ඊට ටික දවසකට පසු හවස වැඩ නිමවී නිවස වෙත ආ සැමියාට අසන්නට සිදු වූයේ මෙවැනි දෙයකි...

බිරිඳ : මේ... මට.. ඔයාට දෙයක් කියන්න තියෙනව...
සැමියා : මොකද්ද..??
බිරිඳ : කළබල වෙන්න එපා.. කියන්නම්..
සැමියා : හරි හරි,... කියන්න කියන්න ඉතිං..
බිරිඳ : හැබැයි ඔන්න.... කළබල වෙන්න බෑ.. හරි..
සැමියා : මං කළබල වෙන්නෙ නෑ.. කියන්න..
බිරිඳ : ඉතිං.... ඔයා කළබල වෙලා ඉවරනෙ..ඒකනෙ කියන්න බැරි..?
සැමියා : හරි හරි..කියන්න කියන්න කියන්නකො..
බිරිඳ : අර....පහළ ගෙදර අයියා....මට කිස් එකක් දුන්න...
සැමියා : කිස් එකක් දුන්න..? මුගෙ අ**** මම...
බිරිඳ : ඔච්චර දඟලන්න ඕනෙ නැහැ..මම ඒක ඒ මනුස්සයට ආපහු දුන්නා....
සැමියා : !@*&^%#$:?~ >:o 3:)

No comments:

Post a Comment