Thursday, April 18, 2013

දෙයියා


කලක් දරුඵල අහිමිව සිටි යුවලක් ඒ පිලිබදව සිත්තාපව සිට හිතවතෙකුගේ කීමට ඉතාමත් හාස්කම් සහිත දේවාලයකට ගොස් දරුවෙකු ලබා දෙන ලෙස දෙවියන්ට භාර වීය. මේ පිළිබදව සැමියා තුළ එතරම් කැමැත්තක් නොතිබුන අතර බිරිදගේ සිත සතුටු කිරිමට ඇය සමග ඔහු එහි යන්නට විය. කෙසේ නමුත් අවසානයේ දේවාලයේ ගමනින් පසු ඔවුනට දරුපලයක් ලැබින. එහි සතුටට දරුවා ලැබුන පසු එම දරුවා රැගෙන දේවාලයට ගොස් එම දේවාලය වඩා 
“දෙයියෝ දුන්න දරුවා මෙන්න.....දෙයියෝ දුන්න දරුවා මෙන්න..“ යැයි මහා හඩින් පවසමින් දේවාලයට වඩා ගමන් කරන්නට විය
මේ පිළිබදව කෝප ගත් සැමියා..තම සරම කරට ගෙන
“ දරුවා දුන්න දෙයියා මෙන්න.....දරුවා දුන්න දෙයියා මෙන්න..“
යැයි මහා හඩින් පවසමින් දේවාලය වඩා ඇය පසු පසින් ගමන් කරන්නට විය.

No comments:

Post a Comment