එඩ්වඩ්
විවාහ වූයේ පිටිසරබද පලාතක, ලැජ්ජ බය ඇතිව, දෙමාපියන්ගේ දැඩි රැකවල් මැද
හැදුන වැඩුන ලාබාල යුවතියක් සමගිනි. මධු සමයදා ආවේගශීලී, ප්‍රවේගවත් ඉනිමක්
ක්‍රීඩා කල ඔහු පසුදා වැඩට පිටත් වීමට පෙර තම නෑඹුල් මනාලිය ඇමතුවේය.
"කොහොමද ඊයෙ මගේ වැඩ. මේ ලෝකෙන්ම මට විතරයි ඒ වගේ එකක් තියෙන්නෙ. ඒක නිසා
මට විතරයි එහෙම සැපක් දෙන්න පුලුවන්. ඒ අතින් ඔයා වාසනාවන්තයි."
රට තොට ගැන එතරම් නොදන්නා සිය නෑඹුල් ප්‍රියම්බිකාව පිට නොයා තියා ගැනීමට ඔහු එසේ පාරම් බෑවේය.
සතියක් ගතවිය. දිනක් ඔහු වැඩ හමාර වී ගෙදර පැමිණෙන විට බිරිඳ Mood ගසා පැත්තකට වී සිටිනු දුටුවේය.
"මොකද ඩාලිං ඔයා upset එකේ ඉන්නෙ"
"ඔයා මට බොරු කිව්වෙ. ඔයගෙ වගේ එකක් තියෙන්නෙ ඔයාට විතරක් නෙවෙයි. අර එහා ගෙදර සයිමන්ටත් තියෙනව"
එඩ්වඩ්ට හීන් දාඩිය දැම්මේය. තමන් නැති අතර සයිමන් වැට පැනලාවත්ද?
"ඔ...ඔයා....කොහොමද එහ්...හෙම කියන්න්න්නෙ?" ඔහු ගොත ගසමින් විමසීය.
"සයිමන් අද නාන වෙලාවෙ මම දැක්කා. ඔයා මට බොරු කිව්වා. මම තරහයි."
රට තොට ගැන එතරම් අවබෝධයක් නැති මේ ගෑනි තමා කියන ඕනෑම දෙයක් පිලිගන්නා බවට එඩ්වඩ් තුල විශ්වාසයක් විය.එම නිසා ඔහු මෙසේ කීවේය.
"හරි හරි ඩාලින්, සයිමන්ට මුලදි එහෙම එකක් තිබ්බෙ නෑ. ඒ කාලෙ මට ඒවයින්
දෙකක් තිබ්බ. ඉතින් මිනිහ ඇවිත් මට පිණ්සෙන්ඩු වෙලා එකක් ඉල්ලුව. මටත් පව්
කියල හිතිල මමත් ඔන්න ඔහේ එකක් දුන්න"
පිලිතුරෙන් බිරිඳ සෑහීමකට පත් වූ බවක් පෙනිනි. වැඩේ shape වූවායැයි එඩ්වඩ්ට සිතුනි.
දින කීපයක් ගතවිය. එදින එඩ්වඩ් වැඩ හමාර වී නිවසට පැමිනෙද්දී බිරිද තරහින් පුපුර සිටිනු දුටුවේය.
"ඇයි සුදූ ඔයා තරහින්?" එඩ්වඩ් විමසීය.
"තමුසෙනම් මහම මහ හරකෙක්. මොකද ගොනෝ හොඳ එක සයිමන්ට දීල තමුසෙ chater එක තියා ගත්තේ?"
No comments:
Post a Comment