Friday, April 19, 2013

ඕක මම ඇහුවේ මෙහෙම. ඔන්න එක ගමක හොඳට සල්ලි තියන පවුලක කෙනෙකුයි මධ්‍යම පාංතික පවුලක කෙනෙකුයි මැරුණලු. ඉතිං මල ගෙවල් දෙකට සහභාගී වෙන්න හිතපු බාසුන්නැහැ කෙනෙක් 7ට විතර ගියාලු අර පෝසත් ගෙදරට හොඳට කාලා බීලා අර දුප්පත් ගෙවල් පැත්තේ යනවා කියල. ඔය හයි ෆයි පවුල් වල මළගෙවල් වලට ගිය අය දන්නවා ඇති ඒ තැන් වල වැඩි සද්ද බද්ද නෑ. එන අය කතා කරන්නේ කොඳුරලා. විලාප තියන්නේ කොඳුරලා. අඬන්නේ හොරෙන්. බුලත් විටක් සිගරට් එකක් බේතකට හොයාගන්න නෑ. ඕමියක් ගහන්න දන්න එකෙක් නෑ. ඒ වගේනේ. අනේ මේ බාසුන්නැහැට කන්නත් නෑලු. මොන කරන්නද අර දුප්පත් ගෙදරින් කෝපි එකක්වත් ගහල යනවා කියල එහාට ගියාලු. අනේ වත්තට ඇතුළු වෙනකොටම කොල්ලෝ සෙට් එකක් අයියේ එන්න එන්න කියල පස් වෙනි සිල්පදේ කඩන්න මූව එක්කන් ගියා. එක ඉවර වෙනකොට කන්න. ඊටපස්සේ විඩෙන් විඩේ බුලත් විටද සිගරට්ද කෝපිද බනිස්ද සියලු ආතල් සමග සෙට් එකක් ඕමි ගහනවා. තව උන් සෙට් එකක් බූරු ගහනවා. ෆුල් හැපනින්. මූත් අනේ ඔක්කොම සැප අරන් ගෙදර යන ගමන් අර පෝසත් මල ගේ ගාවට ගියාලු.
"අඩෝ........ මේවා මල ගෙවල්ද යකෝ? අන්න මල ගෙවල් . හරියට කරන්න බැරි නම් මැරෙන්න එපා යකෝ"

No comments:

Post a Comment