Thursday, April 11, 2013

අපේ යාළුවෙක් ගියාලු පිටරට සවාරියක්.. ඉතිං දවසක් උදේම ගියාලු මූදු වෙරළට සිරි නරඹන්න...
සුද්දොයි සුද්දියොයි.. තැන තැන වැතිරගෙන ඉන්නවා දැක්කම අපේ යාළුවත් හිතුවලු.. මාත් පොඩ්ඩක් වැතිරිලා ඉන්න ඕන කියලා.. වැඩි වෙලා වැතිරිලා ඉන්න ලැබුන්නෑලු.. සුද්දෙක් එතැනින් යන ගමන්.. 
Hi..! Are you relaxing..? කියලා ඇහුවලු.. 
අපේ යාළුවත්.. නිකං ඇරියෙ නෑ..
No..No.. I am *****..

එකෙක් නම් මදෑ.. එතැනින් යන යන එකා.. ඔය ප්‍රශ්නෙම අහනවලු මුගෙන්..මූත් ඉතිං අර උත්තරේම දෙනවලු..

බැරිම තැන මූ නැගිටලා ගියාලු..

යනකොට සුද්දෙක් ඉන්නවලු විවේක සුවයෙන්..වැතිරිලා..

ඔන්න අපේ එකත් ඇහුවලු..
Hi..! Are you relaxing..? කියලා..
සුද්දත් හිනා වෙලා, ඔලුව වනලා කිවුවලු..
Ya.. කියලා..
තමුසෙ නම් මාර මිනිහෙක් ඕයි.. ඉක්මණට යනවා.. ආං අරහෙ ඔක්කොම තමුසෙව හොයනවා.. තමුසෙ මෙහෙ.. ආතල් ගන්නවා.. කියලා අපේ යාළුවා කිවුවලු..

No comments:

Post a Comment