Wednesday, April 17, 2013
බේබද්දා...
ඔන්න ඉතින් හිටියලු පොරක්..
පොර ඉතින් හැමදාම උදේට ෆුල් කිට් මරලා යනවලු වැඩට...
ටයි එක දාලා..බ්‍රීෆ් කේස් එක ඇරන්... පට්ට ජෙන්ටා ලුක්..
හැබැයි... හවසට එනකොට එන්නේ ෆුල් කට් වෙන්න ගහලලු..
ශර්ට් එකේ බොත්තම් ගැලවිලා... ගිය එකා නෙවෙයිලු එන්නේ
මූ වැඩට යන පාරේ තියෙනවලු පන්සලක්
ඒ පන්සලේ හාමුදුරුවෝ ඉතිං හැමදාම බලන් ඉන්නවලු මූ යන
විදිහයි එන විදිහයි..
දැන් ඔන්න එක දවසක් ඔහොම පොර එනවලු නස්පුක් වෙන්න ගහලා..
මේක දැකලා හාමුදුරුවන්ට හිනා ගියාලු.. අර පොරත් මේක දැක්කලු..
අර පොර හාමුදුරුවෝ ගාවට ගිහින් කතා කරාලු
" ආ එහෙම තමා හාමුදුරුවනේ සන්තොසෙන් ඉන්න ඕනි.. හාමුදුරුවනේ දන්නවද මට ජීවිතේ තියෙන්නේ ප්‍රශ්න දෙකයි.."
හාමුදුරුවෝ කිව්වලු දන්නේ නෑ කියලා
මේකනේ හාමුදුරුවනේ.. ප්‍රශ්න දෙක... ලෙඩක් හැදෙයිද..? මැරෙයිද..?
ලෙඩක් හැදිලා බේරුනොත් නෝ ප්‍රොබ්ලම්
මැරුනොත් අන්න ආයේ පස්න දෙකයි..
අපායේ යයිද..? දිවිය ලෝකේ යයිද..?
දිවිය ලෝකේ ඉතින් කෝමත් ඕකේනේ..
අපායේ ගියොත් අන්න ආයේ ප්‍රශ්න දෙකයි
අපායේ බොන්න තියෙයිද..? නැතිවෙයිද..?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment