Tuesday, April 30, 2013

පරණ කතන්දර මොනවත් ආපහු කියන්න ඕනේ නෑනේ.. මේ අලුත් ස්ටොරිය... ඕං ඉතින් අර කලින් වගේම සීං කෝං එකක් වෙලා වේලි වේලි ඉන්න ඉබ්බෙක්ට පොඩි වඳුරු සපෝට් පාරක් දෙන්න කොක්කු දෙන්නෙක් සෙට් උනාලූ... කලින් ස්ටෝරියේ වගේම මේ පාරත් කෝටු කෑල්ලක් උපයෝගී කොරගෙන තමයි ලු මේ පාලම් කොක්කු දෙන්නා පෙර කී වඳුරු සපෝට් එක දෙන්නේ..
ඕං දැන් ඉබ්බා කටින් කෝටු කෑල්ල හපාගෙන එල්ලිලා ඉන්නවලු.. මුලින් කතාවේ කොකා දුන්න ඇඩ්වයිස් පාර මේ පාරත් ඉබ්බාට හම්බඋනාලූ.. මොන ලබ්බක් උනත් කට අරින්න එපා කියන එක... ඕං දැන් ඩබල යනවලු ට්‍රිබල් දාල අහසින්... ඉබ්බාගේ කරුමෙට ඒ පරණ කතාවේ හිටපු ළමයින්ගේ ළමයින්ගේ ළමයින්ගේ ළමයින්ගේ ළමයින්ගේ ළමයින්ගේ ළමයින්ගේ ළමයි...... ඒ පිට්ටනියේම ක්‍රිකට් ගහනවලු.... දැන් හරිනේ ටොපිය... මුන් ටික දැන් අහසින් යන ඉබ්බා දැකල ගල් ගහනවලු... හූ කියනවලු... අතට අහුවෙන ඒවායින් දමල ගහනවලු... 
හැබැයි.................... ඉබ්බා නෙමෙයිලු කට ඇරියේ... මොකද ඌ පරණ සීං කෝං දෙක තුනම තරයේ හිතට අරං ලු ඒ ගමන ගියේ... කොහොම කොහොම හරි... ඔයින් මෙයින් කොල්ලෝ ටික සෙල්ලම් කර කර හිටපු ග්‍රවුන්ඩ් එක පාස් වෙනකම්ම ඉබ්බා නෙමෙයි ලු කට හෙල්ලුවේ... කොක්කු දෙන්නටම මාර සැටිස් ලු වැඩේට... මොකද පරණ වෙච්චි සීං එක උන් දෙන්නම දැනගෙන හිටිය නිසා... එක කොකෙක් එක පාරම " මචං.. මූ නම් මාර ඉබ්බෙක් කිව්වා විතරලු.. හොටෙන් අල්ලන් හිටි කෝටුව ලිස්සලා ගියාලූ... දැන් ඩබල් වීල් ගිය ගමන සිංගල් වීල් යනවලු ඉබ්බා.. පට ගේමක් දාල කෝටුවේ කෙරවල අත ඇරිච්චි කොකා කොහොමහරි ආපහු කෝටුව හොටෙන් අල්ල ගත්තලු.... ඒ වෙද්දීත් කෝටුව කටින් හපාගෙන හිටි ඉබ්බාට ...කොකා ආපහු කෝටුව හොටෙන් අල්ලගත්තු එකට මාර චූං එකක් ගියාලූ.... අපේ ඉබ්බා එක පාරම.............................

" තැන්කිවු මචං.." කිව්වලූ......................!!!!!!!!!!!!!!!

1 comment:

  1. මේක මං කොහේ හරි තැනක ලියපු එකක් නේ බං?? :O

    ReplyDelete