Saturday, April 20, 2013

ඔන්න දවසක් පිටසක්වල බුද්ධිමත් ජීවින් පිරිසක් පෘතුවියට ආවලු මිනිස්සු ගැන හොයන්න,
වැඩේ කියන්නේ මුන් ටික ගොඩ බැස්සේ පාලුවට ගිය පෙට්‍රල් ෂෙඩ් එකකට,
එකත් පට්ට රෑ වෙලා, මිනිහෙක් පෙන්න වත් නැහැ.
ඉතින් මේ පිටසක්වල උන් පෙට්‍රල් පම්ප්ස් (අර මීටරෙත් එක්ක තියන ලොකු පෙට්ටි) දැක්කට පස්සේ
මේ ඉන්නේ මිනිස්සු කියල හිතුවලු.
ඔන්න මුන් ටික පෙට්‍රල් පම්ප්ස් වලට කතා කරාලු,
"මචන් , අපි ආවේ පිටසක්වල ඉදන්, අපිට පෘතුවිය ගැනයි , මිනිස්සු ගැනයි කියල දීපන්."
පෙට්‍රල් පම්ප්ස් වලට කතාකරන්න පුළුවනැයි.
ඉතින් කිසිම ප්‍රතිචාරයක් නැතිලු, තව දෙතුන් පාරක් කතා කරාලු.. තට්ටු කරලත් බැලුවලු
නෝ කතා, නෝ සිනා..
ඉතින් මේ පිරිස එක්ක ආපු නායක පිටසක්වල ජීවියා බොහොම කලකිරීමෙන් යානය ඇතුලට ගියාලු.
ගිහින් එවෙලේම උන්ගේ ග්‍රහලෝකෙට ගැහුවලු පෘතුවිය ගැන රිපෝර්ට් එකක් මෙහෙම..
" පෘතුවි ජීවින් වන මිනිසුන් ඉතා පුදුමාකාර සත්ව කොටසකි,
ඔවුන් ඉතා උඩඟුය, අපි සමග කථාකිරීමට ඔවුන් ප්‍රතික්ෂේප කලෝය,
එසේ උඩඟු වීමට හේතුව, ඔවුනට අපිට මෙන් නොව,
ඉතා දිගු ශිෂ්නයක් පිහිටා තිබීමයි..
ඔවුන්ගේ ශිෂ්ණය කොතරම් දිගුද යත්,
එය ඔවුන්ගේ ඇග වටා දෙවරක් ඔතා,
ඉතිරි කෙලවර කනේද ගසාගන ඇත."
(මුන් ශිෂ්ණය කිව්වේ පෙට්‍රල් ගහන හෝස් එකට)

No comments:

Post a Comment