Thursday, April 11, 2013

නූතන අපාය



රටේ නමගිය පරසිදු ඉංජිනේරුවෙකි ඉදිකළ ගොඩනැගිලි අදටත් මිනිසුන්ගේ
අගැයීමට ලක් වේ ඉක්මනින් පිබිදෙන්නාට ආයුෂ කෙටිය.

හදිසි රිය අණතුරකින් පරලෝකප්‍රාප්ත වූ මේ මහ මොළකාරයා ජන්ම පාපයකට
අනුව අපා ගත විය.

අපායේ මූට නිසි තැන ලැබුණි. "හදපන් අපාය" යම රජු අණ කළේය.

පළමුවෙන්ම මූ අධික රෂ්මියෙන් පෙළෙන මුළු අපායම මූ ඒ සී කළේය.

මිනිසුන් අමාරුවෙන් නගින කටු ඉඹුළට ලිෆ්ට් එකක් සවි කළේය.

දැන් දැන් මිනිසුන් දිවිය ලෝකේ නොයයි අපායේ පෝලිම දිගය
දිවිය ලෝකේ හිස්ය.

යකා නැග්ග සක්කරයා යම රජු ඇමතීය.

"ඒයි වසවර්ති තෝ ළඟ ඉන්න ඉංජිනේරුවා වහාම මෙහෙ එවාපිය ඌව
අයිති මට".

"පිස්සුද සක්‍ර දේවයනි මම ඌව හෙට සිට නිරයේ පාර්ලිමේන්තුවට පත් කළා
ඇමති කමකුත් දෙනවා "අපාය සංවර්ධන ඇමති"

"මට ඒව වැඩක් නෑ වහාම ඌ මගෙ ළඟට එවපන් වසවර්ති"

"නේව්වොත්"

"මම උඹට නඩු දානව යකෝ" සක්කරයා පොළොවේ අඩි හප්පා කීය

"මට නඩු දාන්ඩ හුහ්! දිවිය ලෝකෙ කොහෙද බොල ලෝයරයො"

යමයා සැහැල්ලුවෙන් මුත් විශ්වාසයෙන් කීය

No comments:

Post a Comment