Saturday, April 20, 2013

සිරිපාලගෙ වයිෆ් : කොහෙන්ද මනුස්සයො මේ තව බලු තඩියෙක් උස්සගෙන එන්නෙ ?

සිරිපාල : මූ නිකන්ම නිකන් බල්ලෙක් නෙවෙ බොරුව ඈත්ත අදුනන එකෙක්.

සිරිපාලගෙ වයිෆ් : ඈ ... කොහොමද එහෙම කියන්නෙ?

සිරිපාල : කවුරුහරි බොරුවක් කිවුවොත් මේ බල්ලා 3න් පාරක් බුරනවා.

සිරිපාලගෙ වයිෆ් : අනේ.. කාගෙ හරි බොරුවක්. මටනම් ඕව විශ්වාස නෑ.

සිරිපාල : පොඩ්ඩක් ඉන්නවකො එහෙනම් මම පෙන්නන්න.
පුතා .... මෙහෙට එනවා. අද කොහෙද ගියේ?

සිරිපාලගෙ පුතා : තාත්තෙ මේ ඉස්කොලෙ ගිහින් ආවෙ.

බල්ලා : බුහ් බුහ් බුහ්

සිරිපාල : බොරුකියන්න එපා. කියනවා මට කොහෙද ගියෙ?

සිරිපාලගෙ පුතා : හරි හරි තාත්තෙ. මම අද යාලුවො එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා.

සිරිපාල : දෑක්ක නේද මම කිඋවෙ බොරුද .. අනේ අම්මප දෑන් කාලෙ හෑදෙන උන්නම්. අපි
ඉස්කොලෙ යන කාලෙනම් කවදාවත් ඔය වගේ වෑඩ කරල නෑ.

බල්ල : බුහ් බුහ් බුහ්

සිරිපාලගෙ වයිෆ් : අනේ මොකට කියනවද ඉතින්.
තාත්තගෙම පුතානෙ..

බල්ලා : බුහ් බුහ් බුහ් .....

No comments:

Post a Comment