Tuesday, March 18, 2014

මැලේසින් ගුවන් යානය මුහුන දුන් අනතුර බැරි වෙලාවත් ශ්‍රී ලන්කාවෙ සිදුවුනි නම් (එසෙ නොවෙවා කියල මුලු හදවත්න්ම ප්‍රර්තනා කරනව )


දිනය 1.

*ශ්‍රී ලන්කාව ආසියාවේ ආය්චර්යය බලා යන ගමනේ තවත් අධිරාජ්යවාදි කුමන්ත්‍රනයක් - විමල් වීරවන්ස මහතා

*මීට කලිනුත් මේ ගුවන් නියමුවෝ ගුවන් යානා අතුරුදන් කරල තියනව කියලා අපිට සාක්ෂී තියනවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

*රාජපක්ශ රෙජිමය ඒකාධිපතිවාදය කරා යන සුදු වෑන් ගමනේ රාජ්‍ය ගුවන් සේවය තවත් වලපල්ලට - ලන්කා නිවුස් වෙබ් අඩවිය

*අනාරක්ෂිත ලෙස ගුවන් යානා නිපදුවාට විරුද්දව අපි කොටුව දුම් රිය පොල ඉදිරිපිට දැවැන්ත උද්ගෝශනයක් කරනව - බො බ සේ
*සාපෙ පේල් කෙනෙක් සභාපති කලාම ඔය වගේ දේවල් අහන්න දෙයක් නෙවේ - අරුන කුමාර
*එකයි නැති උනේ අපි තව ගුවන් යාන 10ක් ගන්න මිල ගනන් කැදෙව්වා - බි ඇස් දිසානායක


දිනය 2.

*ගුවන් යාන සමාගමට නඩත්තු කටයුතු වලට මුදල් වෙන් කර නෑ - වුර්තීය සංගම්
*මේ අවුරුද්දේ අපි අයවැයෙන් වැඩිම මුදල වෙන් කලේ ගුවන් යාන සමාගමට - අරුන යාපා
*ගුවන් යානා අනතුරකින් මගේ මාතෘ භූමියේ නිදහස නැති කරන්න දෙන්නෙ නෑ - පනජති


දිනය 3.

ගුවන් යාන සෙවිම සදහා පලමු නිරික්ශන යාත්‍රව ජනපති අතින් දියත් කරයි - ඩිනමින
ගුවන් නියමුවාගෙ ගෙදර අල්මාරියෙන් කුඩු පාර්සලයක් අහු උනා - - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
.........





දිනය 20.
මට එහෙම ගුවන් යානයක් ගැන මතක නෑනෙ - දුලින්ඩ සිල්වා
අඩෝ ගුවන් යානේ ගත්ත එකෙක් දීපන් - සිල්වා කැලනිය දෙවනත් කරයි
.....



දිනය 50.
ඇමරිකානු පරික්ෂන කන්ඩායමට ගුවන් යානය හමුවෙයි - ලන්කාදීප
මම මාවම අතුරුදහන් කරගත්තා - ගුවන් යානයෙන් කට උත්තරයක්
රටවැසියො ගුවන් යානය හමුවූ සතුට සමරයි - අයි.ටී.එන්
අද රාත්‍රියෙ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආනයනික ආහාර වලට තවත් බද්දක් - රාත්‍රි 8 ප්‍රවෘති

Thursday, March 13, 2014

සර් කැම්පස් කොල්ලො පාරට බැහැලා. මොකද කරන්නේ ? ගහන්ඩද ? වෙඩි තියන්ඩද ?

බැටන් පොල්ලෙන් ගහලා උන් හදන්ඩ බෑ ඕයි. වෙඩි තියලා දානවා.... අනික ඉතින් මෙච්චර සල්ලියක් වියදම් කරලා ඕවා අපට දුන්නේ ඩෙංගු මදුරුවෝ මරන්ඩ නෙමෙයිනේ....

ඒත් සර් හතක් අටක් මැරුනොත් මොකද කරන්නේ ?

ඒවා ලොක්කා බලා ගනී. උන්නැහේ කියයි,
විශ්ව විද්‍යාල සිසුන් පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළාය. එතකොට තත්වය පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩි තිබ්බාය. එහිදී ඇතිවූ යම් සිද්ධියක් හේතු කොටගෙන සිසුන් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළාය. රෝහලේදී ඔවුන් මිය ගියාය කියලා....

ඒත් සර් අහසට වෙඩි තියද්දි කෙහොමද මැරෙන්නේ ?

ආ.... ඒ ගැන ලොක්කා පූර්ණ පරීක්ෂණයක් තියලා විමර්ෂණයක් කරනව කියයි.

ඒක මරු නේද සර්ර්ර්ර්ර්.........