Thursday, March 13, 2014

සර් කැම්පස් කොල්ලො පාරට බැහැලා. මොකද කරන්නේ ? ගහන්ඩද ? වෙඩි තියන්ඩද ?

බැටන් පොල්ලෙන් ගහලා උන් හදන්ඩ බෑ ඕයි. වෙඩි තියලා දානවා.... අනික ඉතින් මෙච්චර සල්ලියක් වියදම් කරලා ඕවා අපට දුන්නේ ඩෙංගු මදුරුවෝ මරන්ඩ නෙමෙයිනේ....

ඒත් සර් හතක් අටක් මැරුනොත් මොකද කරන්නේ ?

ඒවා ලොක්කා බලා ගනී. උන්නැහේ කියයි,
විශ්ව විද්‍යාල සිසුන් පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළාය. එතකොට තත්වය පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩි තිබ්බාය. එහිදී ඇතිවූ යම් සිද්ධියක් හේතු කොටගෙන සිසුන් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළාය. රෝහලේදී ඔවුන් මිය ගියාය කියලා....

ඒත් සර් අහසට වෙඩි තියද්දි කෙහොමද මැරෙන්නේ ?

ආ.... ඒ ගැන ලොක්කා පූර්ණ පරීක්ෂණයක් තියලා විමර්ෂණයක් කරනව කියයි.

ඒක මරු නේද සර්ර්ර්ර්ර්.........

No comments:

Post a Comment