Thursday, April 11, 2013

ඕං ඉතින් අපේ ප්‍රේමදාස ජනාධිපති උන්නැහෙයි ප්‍රංශ ජනාධිපතියි... ඇමරිකන් ජනාදිපති තුමයි එකම ගුවන් යානයක අසුන්ගෙන ලොකු සමුළුවකට යනවා ලූ... ඔය අතරේ ඇමරිකන් ජනාධිපති තුමා එක පාරම ජනේලෙන් එලියට අත දාල බලලා කියනවලු...

' අපි මේ දැන් යන්නේ ඇමරිකාව උඩින්...." කියලා..
අනිත් දෙන්න ඇහුවලු කොහොමද හොයා ගත්තේ කියල... එතකොට එතුමා කිව්වලු..
" මට එම්පයර් බිල්ඩින් එකේ මුදුන අතේ ගෑවුනා.." කියල..

ඔය අතරේ ප්‍රංසෙ ජනාදිපතිත් ඇරියේ නෑලු... ලොක්කා අත දාල ජනේලෙන්... කිව්වලු...

" මේ යන්නේ ප්‍රංසේ උඩින්" කියල... මට මේ දැන් අයිෆල් කුලුන අතේ ගෑවුනා....කිව්වලු...
අනිත් දෙන්න මුනෙන් මූණ බලාගෙන හිටියලු.... ඔහොම ටික වෙලාවක් යනකොට අපේ ප්‍රේමදාස උන්නැහේටත් හිතුනලු අත දාන්න.... උන්නැහෙත් ජනේලේ ඇරලා දැම්මලු අත....

ඉන්නවාලු ඉන්නවාලු මුකුත්ම අතේ ගෑවෙන්නේ නෑලු... ( මොනවා කියල ගැවෙන්නද හත් වලාමේ ඉතිං?) අනිත් දෙන්නටම දැන් හිනාලූ වැඩේට... ලොක්කා එක පාරම අත ඇතුලට ගත්තලු... අරගෙන කා ගැහුවලු..
" බඩුම තමයි.. මේ යන්නේ ලංකාව උඩින් තමයි කියලා..."

අනිත් ඩබලටම ෆුල් ලාංතරස් වෙලා ගියාලූ... මොකෝ තට්ටු 5/6 වඩා උස බිල්ඩිමක් ඒ කාලේ නොතිබුන බව අනිත් දෙන්න දැනගෙන හිටියලු... බැරිම තැන ඇමරිකන් ජනාධිපති තුමා ඇහුවලු...

" කොහොමද මචං ප්‍රේමේ.. උඹ ඒක කිව්වේ...??" අපේ උන්නැහේ කිව්වලු...

" මගේ අතේ බැඳන් හිටිය රෝලෙක්ස් ඔරලෝසුව නෑ බං අත එලියට දාපු ඩිංගට.. :( :( " කියලා...

No comments:

Post a Comment