Tuesday, April 30, 2013

ෂර්ලොක් හොල්ම්සුයි දොස්තර වොට්සනුයි ගියාලු කෑම්පින් කරන්න.දෙන්න හොඳට කාල බීලා වයින් බෝතලයක් එහෙම අරගෙන එදා රෑ කෑම්ප් එකේ නිදා ගත්තලු.
උදේ පාන්දර 3 ට විතර හොල්ම්ස් ඇහැරිලා වොට්සන් වත් කීද්දුවලු. ඊට පස්සේ වොට්සන් ගෙන අහනවලු , 
" මිත්‍රයා , බලන්න මේ අහස දිහා.මොනවද ඔබට හිතෙන්නේ ? " 
වොට්සනුත් ඉතින් නැගිට්ටලු මල පැනලා.
" මට පේනවා තරු දහස් ගානක් " වොට්සන් කිව්වලු .
" ඔව් ඉතින් එකෙන් මොනවද ඔබට කියන්න පුළුවන් "
" හ්ම් , තාරකා විද්‍යාවට අනූව දහස් ගණන් චක්‍රාවාට තියෙන්න පුළුවන් , ඒ එක එකක දහස් ගණන් තරු ග්‍රහලෝක ඇති . ජෝතිෂ්‍ය විද්‍යාවට අනූව සෙනසුරු ඉන්නේ සිංහ රාශියේ. දේවධර්මය අනූව දෙවියන් ඉදිරියේ අපි කොතරම් කුඩාද නොසලකියහැකිද කියා සිතෙනවා , කාලමිතික විද්‍යාවට අනූව දැන් වෙලාව අලුයම තුනයි , කාලගුණ විද්‍යාවට අනූව හෙට බොහොම පැහැබර දවසක් වේවි. ඉතින් මේ තරු පිරි අහස ඔබට මොනවද කියන්නේ මගේ මිත්‍රයා ? "
" කවුරු හරි අපේ කූඩාරම හොරකම් කරලා තියෙනවා " හොල්ම්ස් උත්තර දුන්නලු.

No comments:

Post a Comment