Friday, April 19, 2013

සුද්දෝ ලංකාව පාලනය කොරන කාලේ ගංසභා අහෝසි කොරල උන්ගේ උසාවි පිහිටෙව්ව නෙව.ඔව්වයෙ නඩු ඇහුවෙත් සුද්දොමයි. ගං වල මිනිස්සුන්ට මොන ඉන්ගිරිස්ද. ඒ හිංද සුද්දොන්ට කඩේ යන කලු සුද්දෙක් ඉන්නව භාශා පරිවර්තක විදිහට.

ඔන්න දැන් මේ වගේ උසාවියක නඩ්ඩක් යනවා. මිනී මැරුම් නඩ්ඩක්. ඇසිං දුටු සාක්ෂි කාරයෙක් ඉන්නව. ගමේ දර කපන මනුස්පය කරෝලිසා. අනේ හරි අහිංසක මනුස්පය.ගෑනු දෙතුන් දෙනෙක් නඩත්තු කොරගෙන දැහැමෙන් සෙමෙන් කාලය ගෙවාගෙන උන්නේ. වාසනාවට කැලේ ඇතුලේ මිනීමැරුම වෙන වෙලාවේ මෙ යකා කැලේ ඉඳල..පොඩි කණ්ඩියකට මුවා වෙලා බලං ඉඳල සීන් එක.

දැන් ඔන්න නඩ්ඩත් නඩුව අහනව සාක්කි කාරයව ගෙන්නල. තෝල්කය අමුඩෙ ගහගෙන ට්රාන්ස්ලේට් කොරනව.

නඩ්ඩා අහනව : when did you see the crime scene? කියල.

තෝල්කය ඉතිං කියනව “නඩුකාර හාමුදුරුවො අහනව උඹ කොයි වෙලාවෙද මේ මිනීමැරුම දැක්කේ කියල”

සාක්කි කාරය : මං දර කපන්ට ගිය වෙලාවේ දැක්කේ හාමුදුරුවනෙ.

ඕක ඉතිං තෝල්කය දෙනව කඩ්ඩට කොන්වර්ට් කොරල. වැඩේ ඔහොම යද්දි කියවෙන හැටියට නඩ්ඩට තේරෙනව මිනීමැරුම වෙච්චි තැන පිටිපස්සේ පොඩි කඳු ගැටයක් හෝ කණ්ඩියක් තිබිල තියෙන බව. ඉතිං නඩුකාර උන්නාන්සේ අහනව

Was there a hillock on the back? කියල.

හිලොක් කියන්නේ පොඩි කඳු ගැටේට නොවැ...

දැන් තෝල්කයට මේ hillock කියන එක අවුට් ඔෆ් සිලබස්. මූ ටිකක් කල්පොනාකොරා. මේ ගමේ හැත්ත ඉස්සරහ චාටර් වෙන්න පුළුවනෑ.. ඕන්න එතකොටම මූට හිලොක් කියන එකේ තේරුම ඔලුවට එනව පින්වතුනි. ආලෝකෝ උදපාදි නොහොත් ආලෝකය පහල වෙනව. මූ මෙන්න මෙහෙම මේක පරිවර්තනය කොරනව.

“නඩුකාර උන්නාන්සෙ අහනව ඒ වෙලාවෙ උඹේ පස්ස පැත්තේ හිලක් තිබුනද කියල.”

අර යකා අන්දමන් දූපත් තත්වෙකට පත් වෙනව. එත් ඉතිං නඩුකාර හාමුදුරුවෝ අහද්දි නොකිය කොහොමෙයි. මිනිහ කියනව

“අ..අනේ ඉතිං...ති..තිබුන හමුදුරුවොනෙ” කියාල.

තෝල්කයත් මහත් චිත්තප්රිතියෙන් නඩ්ඩට කියනව

“Yes sir. He says that there was a hillock on the back”

සුද්ද හිතනව, යකෝ පිටිපස්සෙන් කඳු ගැටයක් තිබ්බනං මේකා කොහොමද මේක දැක්කේ. සීන් එක කන්දට වැහෙන්ටෙපාය. මූ මේ කෙලින්නේ අමු කෙබරයක්ය කියල. එහෙම හිතල සුද්ද කියනව

“If there was a hillock on the back, there is no way that you can see the crime
scene. You are lying” කියාල.

දැන් තෝල්කයගේ වාරේ....

"නඩුකාර හාමුදුරුවො කියනව කරෝලිසෝ, ඒ වෙලාවේ උඹේ පස්ස පැත්තේ හිලක් තිබුනනං උඹට මේ මිනීමැරුම පේන්ඩ විදියක් නෑ.. උඹ කියන්නේ බොරුය කියල"

ඕන්න මේ වෙලාවෙදි තමා කරෝලිසාට උනත් මල පනින්නේ.

"යකෝ මේක හරි කෙලියක්නේ. ඒ වෙලාවේ පස්සේ හිලක් තිබ්බ එකෙක්ට මෙතන ඉන්නේ මං විතරද බොලව්? තොපේ හිල් වැහිලද තිබ්බේ? මගේ පු* හිලක් තිබුනයි කියල මං බොරු කිව්ව වෙන්නේ කොහොමෙයි? ඇයි යකෝ නඩුකාර හාන්දුවන්ගේ පස්සෙත් ඒ වෙලාවේ හිලක් තිබුනෙ බොල. එහෙනං උන්නාන්සේ කියන්නෙත් බොරු වෙන්ටෙපායැ. මෙතන මිනිහෙක් මැරුණ. මගේ පු* හිල තමා උන්නාන්සේටත් ලොකු උනේ "

No comments:

Post a Comment