Monday, April 29, 2013

සමන් සහ ප්‍රියන්ත කියන්නෙ මගෙ යාළුවො දෙන්නෙක්.. හැබැයි දෙන්නට දෙන්නා හඳුනගෙන උන්නෙ නෑ.. ඔය අතර මට පොඩි මුදල් හදිස්සියක් ආවා.. මං සමන්ට කතා කරලා කීවා.. 

මචං පොඩි හදිස්සියකට රුපියල් 50,000 ක් ගන්න පුළුවන්ද.. මං ලබන මාසෙ දෙන්නම්.. කියලා..
ම්ම්.. කියලා ටිකක් කල්පනා කරපු සමන්.. හරි මචං දෙන්නම්කෝ.. කියලා කිවුවා.. 

ඉතිං සමන්ගෙන් මුදල ඉල්ලගත්තු මං මගේ තිබුණු හදිස්සි වැඩේ කරගත්තා.. අප්පට සිරි.. මෙන්න දන්නෙම නැතුව මාසෙ ගෙවිලා ඉවර වුණා.. දැං ඉතිං සමනට සල්ලි දෙන්න එපාය.. මං ප්‍රියන්තට කතා කරලා ..
මචං පොඩි හදිස්සියකට මං යාළුවෙක්ගෙන් 50000ක් ඉල්ලගත්තා.. මාසෙකින් දෙන්නම් කියලා.. ඒත් මචං මං මේ මාසෙ පොඩ්ඩක් හිර වුණා.. උඹට පුළුවන්ද මට රුපියල් 50000 ක් දෙන්න.. මං අනිවා.. ලබන මාසෙ දෙනවා.. කියලා කිවුවා.. ප්‍රියන්තත් කැමති වුණා.. ඌ දන්නවා මං බොරු කියන්නෙ.. පොලු තියන්නෙ නැති කෙනෙක් විත්තිය..

ඔන්න ඒ මුදල අරගෙන මං සමන්ගෙ ණය පියෙවුවා.. ඊළඟ මාසෙදි.. සමන්ගෙන් ඉල්ලගෙන ප්‍රියන්තගෙ ණය පියෙවුවා.. ඔය විදිහට වැඩේ දිගටම ගියා.. ටික දවසක් යද්දි මට පුළුවං වුණා.. දෙන්නට දෙන්නව අඳුන්වලා දෙන්න..

දැං ඒ දෙන්නා පාඩුවේ ගනුදෙණුව කරගෙන යනවා.. මට කිසි කරදරයක් නෑ..

1 comment:

  1. මං ගොඩ කාලෙකින් පසු බඩින් හිනාවුනු කතාවක්.

    ReplyDelete