Wednesday, April 17, 2013

කොන්දොස්තර කෙනෙකු මෙන් කෑගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි ඈන්ට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි, වාද විවාද බොහොමයකි.

මොනවද ඕයි කරන්නේ? ඇතුලට යනවකෝ ඔහොම ඉන්නෙ නැතිව, ගන්නව ගන්නව සල්ලි.. 

කොහේ යන්නද ඕයි මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ තමුසේ තව පටෝනවා..

මොකද තමුසේ ඔතන කරන්නේ? බැරි නම් බැහැල වෙන එකක එනවා..
පාගල පලයන් බං! සී.ටී.බී එකක් අපිව කපා ගෙන යනව වගෙයි.. ඇරල දාපන්! ඔය නාකි එවුන්ට බස් එක නවත්තන්න එපා යකෝ!! පරක්කු වෙනවා..

මගී පාර්ශවය සහ කොන්දොස්තර පාර්ශවය තනිවම නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරයි..

පුතාගේ වදන් වලින් කැළඹීගිය ඈන් ආදරයෙන් පුතා අමතා, "අනේ පුතේ ඔය වගේ කථා කරන්න එපා.. අපි කවුරුත් ඔය වගේ කථා කරන්නෙ නැහැනේ?
කොන්දොස්තර මාමලා කියන දේවල් අහගෙන ඉඳලා මයෙ පුතා ඒව කියන්න එපා.. මගේ හොඳ පුතානේ.." කියා ඔහුට අවවාද දුනි.

ඊට පසු කිසිම සද්දයක් නැතිව බස් රථ ක්‍රීඩාව සිදුවේ. ඈන්ටත් හිනාය.. පුතු කරුණාවෙන් මගීන්ට සළකයි.

ආ ඔන්න ඔක්කොමල බහින්න.. බස් රථය ගමනාන්තයට පැමිණ ඇත.

ගමනාන්තයේ දී ඇසුණු දෙබසින් ඈන් ට දෙලෝ සිහිවිය!

"මීට වඩා හොඳයි පයින් ආව නම් තමුසෙල ගෑටුවනෙ අයිසේ’!"

පරක්කු උන හේතුව අහගනින් අපේ අම්මගෙන්, අන්න ඉන්නව කුස්සියේ..
තමුසෙට විතරක් නෙවෙයි ඕයි මටත් පාඩුයි.. මම ආපු විදිහට ආවනම් මෙලහකට අනිත්
ටර්න් එකත් ගහලා..!

No comments:

Post a Comment