Thursday, April 18, 2013

පෙම්වතුන් ජොඩුවක් වුන චමරියි සුගතුයි දෙන්නටම අධික වැඩ නිසා ආදරය කරන්න වෙලාවක් හොයාගන්න බැරිවයි හිටියේ
ඉතින් තිබ්බ වැඩ රාජකාරි ඔක්ක පැත්තකින් තියා සුඟත් ඉතින් දවසක් චමරිවත් එක්කගෙන මල් වත්තට ගියාලු.... හැමදේකිම ටිකකට ඇත්වෙලා තමන්ගේ ආදර බර පෙම්වතියත් එක්ක ටික වෙලාවාක් ආදරෙන් ඉන්න කියලා හිතාගෙන

මල් වත්තේ වට පිට බලපු සුගත් ඉදිරිපස මහා ගසෙක, පහළ අත්තක වාඩි වී පෙම් කෙළින වඳුරු ජෝඩුවක් දැක්කාලු

වඳුරු ජෝඩුව වෙත රැඳුණු ඇස් වහා තමාට තුරුළු වෙලා හිටිය චමරි වෙත යොමු කළ සුගත්ඇයගේ නිකටින් අල්ලා මුහුණ තමා දෙසට හරවා

“චමරි, අපි දෙන්නත් අන්න අර වඳුරු ජෝඩුව වගෙ ආදරෙන් තුරුල්වෙලා හැමදාම ඉමු රත්තරන්.”

කියලා කියුවාලු

චමරි සුගත් ඇත්වෙලා මුහුණ ඇඹුල් කර ගෙන මෙහෙම උත්තර දුන්නාලු

“අනේ සුගත්, මම නං ඕං ගස් නඟින්ඩ දන්නේ නෑ."

No comments:

Post a Comment