Thursday, April 11, 2013

"ඔබල කි දෙනෙක් ගොස්ට්ස් (ghosts ) ල විශ්වාස කරනවද? කෝ බලන්න.එහෙම විශ්වාස කරන අය අත උස්සන්න බලන්න." දේශකයා ශාලාව දෙස තියුණු බැල්මක් හෙළා විමසුවේය.
ශාලාවේ සිටි පිරිස අතරින් අඩක්ම වගේ අත එසවූහ.
"හොඳයි ..ඇත්තටම ගෝස්ට් ලව දැකල තියෙන කට්ටිය අත උස්සන්න බලන්න."
එවර කලින්ට වඩා අඩු ගණනක් අත එසවූහ.
"තැනක් යු ...දැන් ගෝස්ට් ලව අල්ලලා තියෙන අය කරුණාකරලා අත උස්සනවද?.." දේශකයාගේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ තුන් හතර දෙනෙකුගෙන් පමණි .
"බොහොම ස්තුත්යි.. .ඔබලාගෙන් කව්රු හරි ගෝස්ට් ල සමග ලිංගික සම්බන්දකමක්..යම් ආකාරයකට හෝ ලිංගික සම්බන්දකමක් පවත්වල තියෙනවද?" ..ඒ ප්‍රශ්නයත් සමගම ශාලාවේ පැතිර ගියේ දැඩි නිහඩ බවකි.විනාඩියක් දෙකක් ගතවී යත්ම ශාලාවේ ඈත කෙලවරකින් එක අතක් පමණක් එසවුණි .
හින්දෑරි , කිසිම ප්‍රියජනක නොවන, කැත කෙට්ටු කාන්තාවක් අත ඔසවාගෙන සිටියාය.
දේශකයා ශාලාවේ මැදටම ගොස් එම කාන්තාව ඇමතුවේය. සෑම දෙනාගේම නෙත් ඒ දෙසට යොමුව තිබුන බැවින් ඇය බිමටම යොමු කර ගත නෙත් ඇතුව සිටියාය.
"මේ ගැන ප්‍රසිද්දියේ ...මේ ශාලාවේදී පැවසීමට ඔබ කිසිසේත්ම බියවිය යුතු නෑ ,අපි සෑම දෙනාම අඅභූත අස්වාභාවික දේවල් ගැන උනන්දුවක් දක්වන අය.ඉතින් මම ඔබතුමියගෙන් අහන්නේ ඔබ ගෝස්ට් කෙනෙක් සමග ලිංගික ඇසුරක් පවත්තුවද කියලයි...!!"
ඇය තිගැස්සී ඇත පහලට දැමුවේ මෙසේ කියමිනි.
"ඔ...සොරි ...මට ඇහුනේ ඔබ ගෝට් (goat )කියනවා කියලයි.."

No comments:

Post a Comment