Tuesday, April 9, 2013

දවසක් ගමේ අයිය පොරක් අඩියක් ගහන්න බාර් එකට එනකොට, ඉස්සරහම මේසෙක තරුණ පහේ කොලු ගැටයෙක් අරක්කු වීදුරුවක් ඉස්සරහිං තියං, ඔලුවෙ අත් දෙක බැඳං ඉන්නව දැක්ක.
ඉතිං මේ අයිය පොර පැනපු ගමං අර අරක්කු වීදුරුව අරං එක හුස්මට බීල දැම්ම....!
මේක දැක්ක විතරයි අර කොල්ල හරක වගේ අඬන්න ගත්ත.
මේක දැක්ක විතරයි අර අයිය පොරට හෙන අප්සැට්...!
"ෂිහ්...මොකක්ද මල්ලි..උඹත් කොල්ලෙක් නේද....මොකක්ද බං...මං දෙන්නංකො උඹට නාන්න අරක්කු..!!"
"අනේඒ.. අයිය දන්නෙ නෑනෙ මට තියෙන ප්‍රශ්න...!!!." කොල්ල බාර් එක දෙවනත් වෙන්න බෑඟිරි ගහනව...
"හරි හරි මලේ.. කියපං මං අහං ඉන්නං...!!
"අනේ බුදු අයියේ.........අපේ අම්මල තාත්තල හරි පෝසත්නෙ...
මං දුප්පත් කෙල්ලෙක් එක්ක යාලු උනා කියල මට අයිති වෙන දේපල ටික සේරම මල්ලිට ලිව්වනෙ...!!"
"ඉතිං බං උඹ ඔය ඉන්නෙ.."
"ඒ උනාට අයියෙ.. මගෙ දේපල නැති උනා කියල දැන ගත්තම කෙල්ල මාව දාල ගියානෙ..." කොල්ල හූ තියනව....!
"ඉතිං කොල්ලො, ඕකට ඔච්චර අප්සැට් ගහන්න ඕනෙයැ..... ඔය තව කෙල්ලො ඉන්නෙ ඕන තරං.......!!!"
"අයිය මගුලක් කතා කරනව....කෙල්ල නැති වෙච්ච් දුකට මං බොන්න පටං ගත්ත අයියෙ....!!!" මුගෙ හූව ආයෙත්..
"අප්පට සිරි ඉතිං..??"
"ඉතිං කියන්නෙ.. කුණු වෙන්න බීල වැටිල ඉන්නව දැක්ක අපේ ලොක්ක මාව රස්සවෙං අස් කරානෙ අයියේඒඒ..."
"හුටා..අප්පේ..!!"
"ඔවුනෙ මග අයියේඒ.. මට දැං කිසි දෙයක් නැහැ.. ජීවත් වෙන්න විදිහකුත් නැහැ...
මං ඉතිං වහ ටිකක් බීල මැරෙනව කියල හිතාගෙන,
මේ අරක්කු වීදුරුවට වහ දාගෙන ඉන්නකොට
අයිය ඇවිල්ල ඒක බිව්වනෙ බුදු අයියේඒඒඒඒඒඒ................!!!!!
ඊට පස්සෙ බාර් එක දෙවනත් වෙන්න තව අඳෝනාවක් ඇහුනලු......!!!

No comments:

Post a Comment