Tuesday, April 9, 2013

හවස ඉර බැසගෙන යන ගොම්මං වෙලාවේ මද හිරි පොදක් වැ‍ටුණේය, ආච්චී සහ සීයා ගේ ඉදිරි පස ආලින්දයේ පු‍ටු දෙකක ඉඳගෙන අතීතය පිළිබඳව සිතමින් ඈත දෙස බලාගෙන් සිටින්නට විය . මද සීතලක්ද දැනෙන්නට වූයෙන් ආච්චිට අතීතයේ සොඳුරු මතක සටහන් සිහිවන්නට විය..
වෙවුලන අබලන් හඬින් යුතුව කතාකළ...

ආච්චි : ඔහේට මතකද , ඒකාලෙ , අපි හාද වෙච්චි අලුත, හීන් සැරේ ඔහේ මගේ අතින් අල්ලනවා..

කුදු ගැසුණු දුබල සිරුර ආයාසයෙන් නැගි‍ටුවාගත් සීයා බොහෝම හෙමින් පැමින ආච්ච්චිගේ අතින් අල්ලා නැවත් ගොස් හාන්සි පු‍ටුවේ ගිලී ගියේය..

ඉන් ප්‍රමෝදයට පත් ආච්චී ,

"ඔහේට මතකද ඒකාලෙ , ඔහේ අපේ ගෙදර එනකොට , අම්මට හොරෙන් හෙමිහිට මගේ කඹුල ඉඹ්බිනවා......"

නැවත වතාවක් ආයාසයෙන් නැගිටගත් සීයා හෙමි හෙමින් ආච්චී අසලට ගොස් මුහුණෙන් අඩියක් විතර ඇතුළට ගොස් ගිලීගිය හක්කේ ඇළුණු කම්මුල සිප නැවත් පැමින හාන්සි පු‍ටුවට බරවිය..

මෙයින් ඉතාමන් ප්‍රමෝදයටත් මත් බවටත් පත්වූ ආචිචි

"ඔහේට මතකද ඒකාලෙ , අපි බැඳපු අලුත ඔහේ ඇවිත් හෙමිහිට මගෙ කන හපනවා"

එක්වරම ගැස්සී ආච්චී දෙස බැලූ සීයා බොහොම අමරුවෙන්න් නැගිට ආච්චී සිටි දෙසට ගොස් , ආච්චී ළඟට නොව ගේ ඇතුළට හෙමින් ගාටන්නට විය..

මෙයින් කුතුහලයටත් තම උණුසුම් අපේක්ශාවත් කඩකරගත් ආච්චී පුදුමයෙන්

"ඔහේ කොහෙද ඔය ඔහේ ගේ ඇතුලට යන්නෙ"

මෙතෙක් වේලා නිහඬව සියල්ලට එකඟ වෙමින් සිටි සීයා මෙසේ කීවේය.

"ඉන්නව මම කන හපන්න දත් සැට් එක අරගෙන එන්නම්"

No comments:

Post a Comment