Thursday, April 11, 2013

කැම්පස් බාසාවෙන් "මල" කියන්නේ ඇහැට කණට පේන කෙල්ලෙකුට. සාමාන්‍යයෙන් කැම්පස් තියරිය තමා "හැන්ඩින්ට බඩු නෑ, ක්‍රැමොන්ට ක්ලාස් නෑ" කියන එක. ඒ කියන්නේ කොල්ල පෙනුමයි නම් කෙල්ලෝ ඌ එක්ක යාලු වෙන්න කලින් දෙපාරක් හිතනවා, මොකද ඕනේ වෙලාවක තමන්ට බූට් එක තියල වෙන කෙල්ලෙක් එක්ක යන්න පුළුවන් නිසා. ඒ වගේම මැරීගෙන පාඩම් කරන ගොට්ටන්ට හොඳ රිසල්ට්ස් එන්නේ නැහැ, සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම්. ඒ නිසා සාමාන්‍යයෙන් කට්ටිය කරන්නේ හොඳ මීටරයක් අල්ලලා ඒ සෙට් එකට සෙට් වෙනවා. "මල්" වුණත් වැඩිපුර කැමති එහෙම සෙට් වලට. මේ වගේ මීටර් ඉන්න සෙට් එක්ක (ගැට්ටවල් එක්ක) අනිත් උන් අම්බානක මළ. උන් ඉරිසියාවට කියන්නේ "(මල්) පාත්තිය" කියල. ඒ වගේම සාමාන්‍යයෙන් හොඳ මීටර් වලට කොයි පාත්තියෙනුත් ඉල්ලුම වැඩියි. ඉඳල හිටලා වගේ කළාතුරකින් වෙන සිද්ධියක් තමා ඇහැට කණට පේන කොල්ලෙක්, මීටරයක් වීම. උන්ට ඉතින් ඉහළම ඉල්ලුම.

මේ ටික කිව්වේ නොදන්න උන්ට වචන ටික අඳුන්වල දෙන්න.

විභාගේ කිට්ටු වුණාම මීටර් වලට මාර ඉල්ලුමක් එනවා. සැරයක් මේ වගේ හැන්ඩි මීටරයක් යනවලු කෙල්ලෝ සෙට් එක වාඩි වෙලා හිටපු මේසයක් ලඟින්. යනකොට, එතන හිටපු තරමක් අඳුරු පාට, කටකාර කෙල්ලෙක් ඇහුවලු, "අයියේ, හැමදාම අර පාත්තියටම වතුර දාන්නෙ, මේකටත් වතුර ටිකක් දාන්නකො" කියල.

(පාත්තියට වතුර දැමීම යන්න මෙතන පැහැදිලි කළ නොහැක. හැබැයි එතනදී ඇත්ත වශයෙන්ම "වතුර" දැමීමක් සිදු වේ.)

කොල්ල ඇඟට පතට නොදැනී කිව්වලු, "නංගි, කළුගල් වලට වතුර දාල වැඩක් නැහැ" කියල.

No comments:

Post a Comment