Thursday, April 11, 2013

අපේ ලොකු හාමුදුරුවෝ උදේ හීල් දානේ වළඳලා... යාන්තම් බුලත් විටක් සප්පායම් වෙන්න ගත්තා විතරයි....
"ට්‍රීර්ර්ර්ර්ඉං. ට්‍රීර්ර්ර්ර්ඉං
ආව කෝල් එකක්... අපේ හාමුදුරුවෝ වටපිට බලලා ආන්සර් කරා

" හලෝ....කවුද කතා කරන්නේ??" ඇහුව හාමුරුදුවෝ...
'ඔය විජය ලී මෝලද?"
" ඔබ තුමාට වැරදීමක්... මේ _____ පංසල. මං නායක හාමුදුරුවෝ කතා කරන්නේ... ආපහු පාරක් බලන්න මහත්තයා අංකය පරික්ෂා කොරලා... තියන්නම්..." කියල ෆෝන් එක තිබ්බා...
.
.
ඕං තව පැය දෙකකට විතර පස්සේ... "ට්‍රීර්ර්ර්ර්ඉං. ට්‍රීර්ර්ර්ර්ඉං"

ආප්හු කෝල් එකක්... හාමුදුරුවෝ ඇවිත් ඉස්සුවා රිසීවර් එක...
' හලෝ" හලෝ ඔය විජය ලී මෝලද?"
හාමුදුරුවන්ට ටිකක් කේන්ති ගියා...
මහත්තයෝ... මේ අහවල් පංසල.. මං නායක හාමුදුරුවෝ... මං මහත්තයට කලිනුත් කිව්වා ඔය මල ඉලව් නොම්බරේ හරියට බලල ඕක ඔබන්න කියල,, කරුණාකරලා අංකය හරියට බලලා ඔය කෝල් එක ගන්න මහත්තයා....
" සමා වෙන්න හාමුදුරුවනේ.." කියල ඇමතුම ගත්තු පුද්ගලයා එය විසන්ධි කළා...
ඕං ඉතින් අපේ හාමුදුරුවෝ දවල් දානේ වළඳලා... ආවාස ගෙයි හාන්සි පුටුවේ දිග ඇදුනා විතරයි...
"ට්‍රීර්ර්ර්ර්ඉං. ට්‍රීර්ර්ර්ර්ඉං...

ෆෝන් හදපු එකාගේ හත්මුතු පරම පරාවටම බැන බැන අපේ හාමුදුරුවෝ නැගිටලා ඇවිත් ඉස්සුවා ෆෝන් එක...

" හෙලෝ.... ඔය විජය ලී මෝලද????"
.
අපේ හාමුදුරුවෝ....

" ඔව්... ඇයි... පුක ඉරා ගන්නද???"

No comments:

Post a Comment