Tuesday, April 9, 2013

පොලිස් ස්ටේශන්

ස්ථානය : පොලිස් හදිසි ඇමතුම් අංශය

වෙලාව : රාත්‍රී 10.30

ලයාන්විත තරුණියකගේ හඬක්...
හෙලෝ පොලිස් ස්ටේශන්..?

ඔව් කියන්න මැඩම් මොකද්ද ප්‍රශ්නෙ??

අනේ මමයි යාලුවයි නැවතිලා ඉන්නෙ සුරංග කියල අයිය කෙනෙක්ගෙ ගෙදරට අල්ලපු ගෙදර. බලන්න සර් මේ යකා රෑට ආපු ගමන් කාමරේ ඉඳන් මහ කුනුහරප වීඩියෝ දා ගෙන හරි අසභ්්‍ය දේවල් කරනව. ගෑනු ළමයි විදියට හරිම අපහසු තාවයකට පත් වෙනව ඒ වෙලාවට අපි..

ඔන්න රාලහමිල ඩබලක් එවෙලෙම එව්වලු අර කෙල්ලො දෙන්නගෙ බෝඩිමට..

සුරංගගෙ කාමරේ එහෙම කිසි අව්ලක් නෑලු
දෙවනි දවසෙත් ආවලු
කිසි අව්ලක් නෑ

තුන් වෙනි දවසෙත් ආවලු කිසි අව්ලක් නෑ..

කෝ මිස් ඔයාල බොරුනෙ කියල තියෙන්නෙ .. ඔය සුරංග කියන මනුස්සය ගැන අපි හෙව්ව. මිනිහ එහෙම වැරදි කරනව ගමේ කෙනෙක්වත් දැකල නෑ

තරුණියන් : අයියෝ ඔහොම බැලුවට පේන්නෙ නෑ අනේ.. අර ම්මේසෙ බිත්තිය ගාවට ඇදල අර පු‍ටුව ඒක උඩින් තියල ඒ කට නැගල පොඩ්ඩක් ඉස්සිල අර කව්ලුවෙන් බලන්න...

No comments:

Post a Comment