Tuesday, April 9, 2013

දවසක් දොස්තර ගෙදර යන්න කාර් එක පාරට දානකොට ටයර් එකක පැච් එකක් ගියාලූ. ඉතින් මිනිහා ස්පෙයා වීල් එක එහෙම එලියට ගලවපු නට් ටික ලඟ තිබ්බ බෝක්කු ගැට්ට උඩ තිබ්බලු. රෝදේ මාරු කරලා නට් ගන්න යනකොට අත වැදිලා බෝක්කු පල්ලෙ වැටුනලු නට් ඔක්කොම.

ඉතින් මෑන් බොක්කු ගැට්ට උඩ වාඩි වෙලා දහ අතේ කල්පනා කරනවලු මොකද කරන්නෙ කියලා.

මේක දිහා හිනා වෙවි බලා ගෙන හිටිය පිස්සො ටික කියනවලු.

"හයියෝ ඕකට පිස්සෙක් වගේ කල්පනා කරන්න ඕනෙද?"

"කාර් එකේ ඔය තව රෝද තුනක් තියෙන්නේ"

රෝද 3 න් යන්නෙ කොහොමද කියලා දොස්තර උඩ බිම බලන අතරෙ ඇහුනලු කියනවා.

"ඒ තුනෙන් නට් එක එක ගලවගෙන ඕක හයිකොර ගන්නවකෝ"

No comments:

Post a Comment