Tuesday, April 9, 2013

පිස්සෙක් දවසක් නැග්ගලු ගහකට. මේක මොනම හේතුවක් නිසාවත් බහින්නෙ නෑලු. දොස්තර ඇවිත් කිවුවලු බිමට් බහින්න කියල. මොන මූ නෙමෙයිලු ගානකට ගත්තෙ. පස්සෙ දොස්තර සෙල්ලම් පිස්තෝලයක් ගෙනත් දික් කරල කිවුවලු බිමට බැස්සෙ නැත්නම් වෙඩි තියනව කියල. පිස්ස හිනා වෙලා ගහේම ඉන්නවලු. මේක දැකපු තව පිස්සෙක් දෙන්න සර් ඔය පිස්තෝලෙ මම ඕකව බස්සන්නම් කියල. ඒ කරල මේක අර ගහේ ඉන්න පිස්සට පිස්තෝලෙ දික කරල අඩෝ බැහැපන් හරිද නැත්නම් වෙඩි තියනව කියල කියපු ගමන් ගහේ උන්නු පිස්ස සුටුස් ගාල බැස්සලු. දොස්තරට මේක හෙන් අප්සට් එකලු. පොරගෙ කීම ඇහුවෙ නෑනෙ. ගහේඋන්නු පිස්සට් කත කරල් ඇහුවලු ඇයි තමුසෙ මම වෙඩි තියනව කිවුවාම් ගහෙන් බහින්නෙ නැතුව අරූ කිවුව්වම බැස්සෙ කියල. පිස්ස හින වෙලා කිවුවලු ඌ පිස්සනෙ සර් වෙඩි තිබ්බොත් එහෙම කියල...

No comments:

Post a Comment