Tuesday, April 9, 2013

පුතා පාසල් ඇරී ගෙදර එනවිට රෑ බෝවී තිබිණි.

පියා: මෙච්චර රෑ වෙනකම් කොහෙද ගියෙ තමුන්?

පුතු: අද ඉස්කෝලේ ක්ලාස් තාත්තේ :)

එවිටම පුතාට කම්මුල හරහා පාරක් වැදුණි.පහර දුන්නේ රොබෝ කෙනෙකි.

පියා:ආහ් එනව මට බොරු කරන්න,මේ අලුත් රොබෝ බොරුවක් කියද්දිම කනේ පාරක් දෙනව :) කිව්වොත් හොඳයි ඇත්ත දැන්.

පුතු:ෆිල්ම් එකක් බැලුව

පියා:මොකක්ද ෆිල්ම් එක

පුතු: (කල්පනා කර) කුස පබා
නැවතත් කනේ පාරක් වැදුණි.

පියා:ඇත්ත කියපං

පුතු: *****************

පියා: මූව උල තියන්න එපැයි,අපේ කාලේ අපි ඔහොම ඒවා බැලුවද මං අහන්නෙ .

පියාටත් කනේ පාරක් ලැබිණි,පුතු හයියෙන් හිනා විය.මෙය දුටු මව

''හා හා,මොනා කළත් මේ ඔයාගෙම පුතානේ ඉතිං'' කීවාය.

මවටද හොඳ කනේ පාරක් ලැබිණි.

No comments:

Post a Comment