Thursday, April 11, 2013

පෙරහැර



ඕං ඉතින් අපේ ඇම්ඩා නුවර හිටපු කාලේ... නුවර ඇසල පෙරහැර වීදි යන්න පටන් ගත්තාලු... ඕක ඉතින් දවස් ගානක්ම යනවානේ... අපේ පොරත් ගෙදරට වද කරලා කරලා.. ඕං අන්තිමේ අම්ම දවසක් මූව අතින් අල්ලාගෙන එක්කගෙන ගියාලූ පෙරහැර බලන්න.... හ්ම්ම්...
ඕං ඉතින් නැට්ටුවෝ පිළිවෙලට ලස්සනට නට නටා යනකොට පිටිපස්සෙන් එනවා සද්ධන්ත කුලේ අලි ඇත්තු...

ඔය අතරේ එක අලියෙක් එනවලු මුගේ කකුල් අතරින් මහා පතරංග සයිස් එකට උගේ පුරුෂ ලිංගය වන වනා... අපේ බුවා හොයන්නේ ඕවමනේ.. මූ දැක්කලු ඕක... කලින් නොදැක්ක දෙයක්... අමුතු ගැජට් එකක්... ඇම්ඩට ලොකු අවුලක්... දැන් මේ අවුල ලිහා ගන්නත් එපැයි... පටස් ගාල ඇහුවලු අම්මගෙන්.....

" අම්මේ..."
"හ්ම්ම්'
"මොකක්ද අම්මේ අර අලියාගේ කකුල් මැද්දෙන් හෙණ දිගට එල්ලෙන්නේ??"

අම්මට තරු පෙනුනලු... දැන් මොකක්ද මූට දෙන උත්තරේ කියලා හිතද්දී... ඒත් ඉතින් මේක දැන් මුගේ ඔලුවෙන් අයින් කරන්නම බෑනේ උත්තරයක් නොදී... අම්මත් ෂේප් එකේ කිව්වලු..

" ආ... පුතේ... ඕක ඔය සුළු දෙයක්..." ඇම්ඩට සැටිස් නෑ වැඩේට... මූ ආව පහුවදත් තාත්ත එක්ක... ඕං එදත් ඒ පෙරහරේ යනවා අර අලියා... උගේ ජොන්ටියාව වන වන....

" තාත්තේ .. අනේ අර මොකක්ද අර අලියාගේ බඩ යටින් එල්ලෙන්නේ.???" ඇහුව ඇම්ඩා..

" ආ.. ඒ පුතේ අලියා චූ කරන එකනේ.. ඔය ඔයාටත් තියෙන්නේ.. අලියා ලොකු නිසා ඒකත් ලොකුයි" කියල තාත්ත වැඩේ එක්ස්ප්ලේන් කරලා දුන්නලු ලස්සනට... ඇම්ඩට මාර හැපී...
" අම්මා නම් මෙලෝ දෙයක් දන්නේ නෑ තාත්තේ.." ඇම්ඩා ඇද්ද අම්මට ගේම...
" ඇයි පුතේ? ඒ මොකද?"
'" අම්මා කිව්වේ එහෙනම් එක සුළු දෙයක් කියලා.."

" ඔව් ඉතිං තොපේ අම්මට නම් ඕකත් සුළු දෙයක් තමයි..:( :(" කියල තාත්ත ඇම්ඩවත් අතින් ඇදගෙන ගෙදර ගියාලූ...!!! 

No comments:

Post a Comment