Tuesday, April 9, 2013

ඔන්න නාසා එකෙන් අලුත් විදිහෙ රොකට් එකක් හැදුවලු. අත්හදා බලන්නත් එක්ක මුල් ගමන අගහරු වෙත යන්න දාගත්තලු.
මේකෙ යන්න කැමති 3 දෙනෙක් ඉදිපත් වෙන්න කියලා ලෝකෙටම කිවලු. ඒ අයට ඉල්ලන ඕනම දෙයක් දෙනව කිව්වලු.
මුලින්ම ආවෙ ඇමරිකාවෙම පොරක්. මූ ඉල්ලුවලු සංචාරෙ පුරාවට කියවන්න පොත්. මුට හොදම පොත් ටිකක් හම්බුනාලු. දෙවෙනියට ආවෙ එංගලන්තෙ පොරක්ලු, පොර ඉල්ලුවලු ලෝකෙ ලස්සනම කෙල්ලක් එක්කං යන්න. ඒකත් දුන්නලු. අන්තිමට ගියෙ අපේ රස්තා පොරක්. මු ඉල්ලුවලු ගංජා ටොන් 5ක් එක්ක සිගරට් ටොන් 5ක්. ඒකත් දීල කට්ටිය යැව්වලු.
ඔන්න අවුරුදු 8කට පස්සෙ මුං ටික ආපහු එනවලු. පිලිගන්නත් උත්සව එහෙම ලෑස්ති කරල දැං.
මුලින්ම බැස්සෙ ඇමරිකන් පොරලු. මූ බහල අර පොත් වලින් ඉගෙන ගත්තුව වලින් කතාවක් කෙරුවලු. ඒලගට එංගලන්තෙ පොර උජාරුවෙන් බැස්සලු. බාගෙට මැරිච්ච හිටගන්න පන නැති ගෑනියෙකුයි ලමයි 50ක් විතරයි මුගෙ පස්සෙං බැස්සලු. ඒලගට අපේ පොර එනවලු මුන කලු කරං බිම බලාගෙන කුනුහරුප කිය කිය. පොර කෙලිංම මයික් එක ලගට ගිහින් හයියෙන් කියනවලු "ඇයි තොපි එකෙක් වත් මට ගිනි පෙට්ටියක් අරං යන්ඩ මතක් කලේ නැත්තෙ යකෝ"

No comments:

Post a Comment