දවසක් අපේ කිරි අම්මා පහුවදා දානෙකට අරන් යන්න වැලිතලප හදන්න ලෑස්ති වුනා.වැලිතලප හදද්දි පිටි මල් කරනවා කියලා පුංචියට බෝල හදනවා.එහෙම කරන්නෙ පිටි අතේ ඇඟිලි අස්සෙන් හැලෙන්න දීලයි.කොහොම හරි දැන් ටිකකින් කිරි අම්මා පොඩි පුතාට එහෙමත් නැතිනම් තාත්තගෙ පොඩිම මල්ලි අපි කීවෙ චූටි බාප්පට කථා කරල කීවලු පොඩි පුතේ කබඩ් එක උඩ කණ්නාඩි කුට්ටම ඇති ඒක දාපන්කො මට .අතේ පිටි නිසා දා ගන්න බෑ කියල.අපේ බාප්පා හොඳ විහිළුකාරයා.බාප්පත් ගිහින් සුරුස් ගාන වේගෙන් එකක් ගෙනත් කිරි අම්මගෙ කන් දෙකේ රැදෙව්වලු.
ඊට පස්සෙ අහනවලු අම්මෙ පේනවද කියල “කිරි අම්මත් ඔව් පුතේ දැන් නම් පේනවා හොදට කියලා”.ඒ ළඟ ඉදපු නැන්දත් හිනාව තද කරගෙන එහෙට යනවලු මෙහෙට යනවලු. ඔන්න ඉතින් වැලි තලප හදල ඉවරයි.කිරිඅම්ම අත් සෝදලා කියනවලු “මේ කණ්නාඩි කුට්ටම ගලවන්න ඕනෙ කියල .”
ගලවල බලද්දි කිරි අම්මා තරහෙන් බාප්පට “පොඩි පුතේ කෝ මේ කොල්ලා…. කියාගෙන බාප්පා හොයන්න දිව්වලු.
නැන්දලා තද කරන් හිටපු හිනාව ඇති තරම් හිනා වුනාලු.....
මොකක්ද වුනේ කියල කියමු බලන්න
මොකද වුනේ දන්නවද අපේ මිය ගිය අත්තගේ රාමුව විතරක් ඉතිරි වුන කාච නැති කණ්නාඩි කුට්ටම තමයි කිරිඅම්මා දාගෙන ඉඳල තියෙන්නෙ.
No comments:
Post a Comment