Thursday, April 11, 2013

එක අණ්ඩපාලයෙක් කාක්කෙක්ව ඇතිකරාලු හුරතලේට (ඌටත් තියෙන්නේ මාරම ආතල් ආසාවන්). මුගේ මුළු ජීවිතේම ගත උනේ කාක්කා වෙනුවෙන්. ඉස්කෝලේ යන්න කලින් කාක්කට කවලා, පොවලා ඉස්කෝලේ යන කොල්ලා ඉස්කෝලෙදි හිත හිත ඉන්නෙත් කාක්කා ගැනමයි. ගෙදර ආපු ගමන් බත් කාලා මූ දුවන්නේ සෙල්ලම් කරන්නවත් අපි වගේ පාඩම් කරලා දොස්තර කෙනෙක් වෙන්නවත් නෙවෙයි, කාක්කගේ සැප සනීප බලන්න.

ගෙදර උන්ට මුගෙයි කාක්කගෙයි සම්බන්ධේ එච්චරම හිතට ඇල්ලුවේ නෑ. ඉතින් අම්මා, තාත්තා පුදුම වධයක් වින්දේ මේ කාක්කා හින්දා. බැරිම තැන දවසක් කොල්ලා ඉස්කෝලේ යනකම් ඉඳලා අම්මා කූඩුව ඇරලා කාක්කාව නිදහස් කලා.

සුපුරුදු පරිදි කොල්ලා එදත් ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් බත් කන්න වාඩි උනා. කොල්ලා බත් කන අස්සේ අම්මා ශෝක මූඩ් එකකුත් දාගෙන එතැනට ඇවිත් කොල්ලට කියනවා,
“අනේ පුතේ, බලන්නකෝ කාක්කා අද උදේ මළානේ!”

“මොනවා?”කොල්ලා එක පාරටම පුටුවෙන් නැගිටින ගමන් ඇහුවා. අම්මා ආයේ දුන්නේ පරණ උත්තරේමයි. කොල්ලට හිතට දුකක් ආවත් නියම පිරිමියෙක් වගේ වේදනාව තදකරන්, ඇහේ පොඩි කඳුලකුත් එක්ක ආයෙමත් කෑම කන්න පටන් ගත්තා.කෑම කාලා ඉවරවෙච්ච ගමන්ම කොල්ලා ගියේ කාක්කගේ කූඩුව බලන්න. කූඩුව විතරයි, කාක්කා නෑ. කොල්ලට මාරාවේශ උනා. ඌ අඩි පොලොවේ ගහලා කෑගහන්න පටන් ගත්තා,

“කෝ යකෝ කාක්කා. තොපි මොනවද ඌට කලේ?”
සද්දේ ඇහිච්ච අම්මා එතැනට දුවගෙන ආවා, “ඇයි පුතේ මං උඹට කිව්වේ කාක්කා මළා කියලා!?”

“ආ එහෙමද? මට ඇහුනේ තාත්තා මළා කියලා!” කියපු කොළුවා මහ හඬ දීලා අඬන්න ගත්තලු කාක්කා මැරුණ දුකට!

No comments:

Post a Comment