කෘතීම සංසේචනය
තමන් ගාව ඉන්න වැස්සිව පට්ටි කරගන්න විදියක් නැතුව ලතවෙවී හිටපු අහින්සක
මෝඩ පහේ මනුස්සයෙක්ට ටිකක් දැනමුතුකම් තියන කෙනෙක් කීවලු අහවල් පශු සම්පත්
එකේ මහත්තය හම්බවෙන්න කියල. පොරත් ගිහින් හම්බ වෙලා තමන්ගේ වුවමනාව කීවලු.
මහත්තයත් කීවලු අපි එහෙනම් කෘතීම සංසේචනයක් කරලා බලමු මම මේ දවසේ එන්නම්
වැස්සිවයි තැනකුයි ලෑස්ති කරලා තියන්න කියලා. හරි මහත්තය එහෙනම් කියල
මිනිහත් සෑහෙන සන්තෝසෙන් ගියාලු.
දැන් කෘතීම සංසේචනය කරන දවසේ
පශු මහත්තය ඇවිල්ල බලනකොට මිනිහ වැස්සිව ලොකු කජු ගහක ගැට ගැහල ඒ වටේ
පොලඅතු වලින් වට කරලා වැඩේ ලෑස්ති කරලා තියනවලු. "ආහ් මේ වැඩේ හොදට ලෑස්ති
කරලා තියෙන්නේ" කියල මහත්තයත් වැඩේට එන්ටර් වෙන්ඩ යනකොට අර මනුස්සය කියනවලු
"ඔව් මහත්තය එලියට පේන්න කරන්න හොඳ නෑනේ එකයි වට කලේ මාත් එලියට වෙලා
ඉන්නම්" කියල. මෙහෙම කියල පොර එලියට ගියාලු . ටිකකින් අර මහත්තයට ඇහෙනවලු
එළියේ ඉඳල අර මනුස්සය කෑගහල කියනව
"මහත්තය ඔය කජු හහේ පරාල ඇනයක් ගහල ඇති මහත්තයාගේ කලිසම ඒකෙ එල්ල ගන්න ඇහැකි "
No comments:
Post a Comment