Tuesday, April 9, 2013

මේකත් පිස්සු කතාවක්...



පිස්සන් කොටුවට අළුත් ඩොකෙක් ඇවිල්ලා ලොක්ක විදිහට... ටිකක් වයසක ඩයල් එකක්ලු...ඔන්න ඩොකා දවසක් රූම් එකේ ඉන්න කොට ජනේලෙන් පේනවලු පිස්සෝ ටිකක් වටේට එකතු වෙලා හයියෙන් කෑ ගගහ ගණන් කරනවලු... ඩොකාට අහුනලු තුනේ ඉඳන් විතර ගනිනවා ඩොකා හිතුවලු මුන් ටික මොනා හරි ක්‍රීඩාවක් කරනවා තමයි... ක්‍රීඩාව මානසික සවුක්ක්‍යයට හොඳයි නේ කියල ඩොකා හිතුවලු ගිහින් ටිකක් බලල පිස්සෝ ටික ක්‍රීඩාවට උනන්දු කරවන්න... ඔන්න ඊට පස්සේ වෙච්ච දේ...

ඩොකා -: ආ බොහොම හොඳයි ඔයාල සෙල්ලම් කරනවා නේද එක බොහොම හොඳ වැඩක්... මමත් දැන් වයසට ගියාට ඉස්සර හොඳ ක්‍රීඩකයෙක් තමයි... කියන්න බලන්න අද ඔයාල කරන ක්‍රීඩාව මොකක්ද කියල... මමත් එනවා ඔයාල එක්ක සෙල්ලම් කරන්න...

එක පිස්සෙක් -: අපෝ ඩොක්ට මේ සෙල්ලමේ නම නම් කියන් නෑ... කරලම තමා බලන්න ඕනි... ඩොක්ටත් එනවද ??

ඩොකා - : නැතුව නැතුව මමත් එනවා....

(ඔන්න දැන් ඩොකාට අහුනලු කට්ටිය දාහතයි... කියල ගණිනවත්... )

සෙල්ලමට සෙට්වෙන්න හිතපු ඩොකාත් හෙමිහිට රවුම ලඟට කිට්ටු උනාලු... කිට්ටු වෙනවත් එක්ක පිස්සෝ හතර දෙනෙක් ඩොකාව උස්සල අරන් දහ අටායි කියල ඩොකාවත් අල්ලලා උන් වට වෙලා හිටිය ලිඳට දැම්මලු...

No comments:

Post a Comment