Tuesday, April 9, 2013

මේක අපේ ගම්පැත්තෙ ඒ කිව්වෙ මාතර පැත්තෙ වෙච්ච සීන් එකක්. 
අපේ ගමේ හිටිය මිනිහෙක් ජේමිස් කියල. මිනිහ බොන්න දෙනව කිව්වෙත් ඕන දෙයක් කරයි. හැබැයි ඉතින් ඒ දවස්වල සීල් අරක්කු නෑ ඔය පැතිවල එක්කො රා නැත්නම් සුදුව තමයි තියෙන්නෙ. හැබැයි ඉතින් ගමේ බාර් එකේ මුදලාලි මූව ඉඳල හිටල බයිට් එකට ගන්නව. එහෙම දවසක බාර් මුදලාලි ජේමිස්ට කිව්වලු මම උඹට වැඩ තුනක් දෙනව ඒ තුන එක රැයකින් ඉවර කලොත් මම උඹට අවුරුද්දක් යනකම් නිකම් බොන්න දෙනව කියල. ජේමිස්ටත් බොන්න තියෙනවනම් වෙන මොනවද. මිනිහත් චැලෙන්ජ් එක භාරගත්ත. 

මෙන්න මේව තමයි කරන්න තිබ්බ වැඩ තුන.
1. අරක්කු බෝතලයක් පානය කිරීම.
2. කිඹුලෙක්ගෙ දත්ක් ගැලවීම.
3. කාන්තාවක් සමඟ සංසර්ගයේ යෙදීම.

ජේමිස් වැඩේ භාරගත්ත. මුදලාලිත් අරක්කු බෝතලයක් ගෙනාව. මේයකා ඒක එකහුස්මට බීල ඊට පස්සෙ ගියාලු ගඟ පැත්තට. පැය 2ක් විතර ගියාලු ඊට පස්සෙ මෙන්න බුවා එනවලු අතපය හැම තැනම හූරගෙන කකුලකුත් නොන්ඩි ගහ ගහ.

මුදලාලි ඇහුවලු “මොකද මනුස්සයෝ මේ” කියල.
ජේමිස් ඇහුවලු “මේ ඒවයි වැඩක් නෑ මුදලාලි හරි, දැන්... දෙකක් ඉවරයි කෝ අර දතක් ගලවන්න තියෙනවයි කියපු ගෑනි” කියල.

No comments:

Post a Comment