Tuesday, April 9, 2013

උදේම දිග කතාවක් මතක් උනා .. කොට කොරල කොටන්ටයි යන්නේ එහෙනම් ඔන්න 

මේක සීත රටක සීන් එකක් ..

ඔන්න එක ගෙදරක හිට්ය මනුස්සයෙක් ,මේ මනුස්සය 
ජීවත් උනේ තනියම . හැබැයි මෙයා ගොඩක් වෙලාවට ගෙදරින් පිට හිටියේ ,. ඒ කිව්වේ ( අවලමේ ගිහින් නෙමෙයි )
ජොබ් එකට ගිහින් ..

මේ ගෙදර හඉටියා ගිරවෙක් , ගිරවෙක් කියන්නේ මූ ඇම්ඩගේ නෑයෝ වෙන එකෙක් ..

මේ සීත රටවල් වල තියෙනව්නේ සීත කාලේට ගේ ඇතුලේ රස්නේ තියා ගන්න හීටර් ..
මේ හීටර් වැඩ කරන්නේ තෙල් වලින් .. ( එඩිසම් බන්ගලෝ එකට ගිහින් තියෙන අය මේක දැකල ඇති . ඒක කිව්වේ සාමාන්‍ය දැනුමට )

ඉතින් මේ හීටර් වලට තෙල් ගෙදරටම ගෙනත් දෙන ක්‍රමයක් තමයි තිබුනේ .
තෙල් ගේන කොලුව ඇවිත් ගෙදර දොරට තට්ටු කරල අහනව ලීටර් කීයද කියල ..
එතකොට ඉතින් අර මනුස්සය
ලීටර් 5යි , 10යි වගෑ කියනව..

මේක හොදට අහගෙන හිටපු මේ ඇම්ඩන් ගිරවත් පොඩි ආතල් එකක් ගන්නම් කියල .
හිතාන ඉන්නකොටම
අර ගෙදර මනුස්සයට මාස ගානකට ගෙදරින් පිට යන්න
ඒත් මේක අර තෙල් ගේන කොලුව දන්නේ නෑ .
මෙයත් පුරුදු විදිහටම ඇවිත් අහන්ව ලීටර් කීයක් ඕනේද කියල ..

මේ ඇම්ඩන් ගිරවත් කියන්ව ලීටර් 20, ලීටර් 30 කිය කිය..

මාස ගානකට පස්සේ ගෙදර ඇවිත් බලන්කොට තෙල් බිල දැක්කම අර මනුස්සයට ඌරු ජුවල් නැගල , මනුස්සය බැලුව මොකද වෙලා තියෙන්නේ කියල .
බලනකොට ගිරව ..
ඉතින් මේක කරන්නම් හොද වැඩක් කියල
ගිරවගේ බෙල්ලෙන් අල්ලගෙන් ගිහින් බිත්තියට තියල
තරු දෙක දෙපැත්තට තියල කුරුසෙකට තියල ඇන ගහන්ව වගේ
ඇන ගැහුවලු ..
ඇණේ ගහනකොටම ගිර්වට කලන්තේ වගේ . මූට පොඩ්ඩක් සිහිය නැති වෙලා .
හැබැයි මූට ආයෙ සිහිය එනකොට මූට පෝඅනවලු
ඒ කෙලින්ම ඉස්සරහ බිත්තියේ
ජේසු තුමා කුරුසෙට තියල ඇන ගහපු එකක් ( ගිරව දන්නේ නෑ මේ ජේසු තුමා කියල )

ටිකක් සිහිය එනකොට මූ
විසිල් එකක් ගහල
එහා පැත්තේ බිත්තියේ ඉන්න යේසු තුමාගෙන අහන්වලු

" ඔයා තෙල් ලීටර් කීයක් ඕර්ඩර් කලාද කියල "

ඉවරායි

No comments:

Post a Comment